
(අංජුල මහික වීරරත්න)
ඉන්දියාව සහ කලාපීය විස්තීරණ ආර්ථික සහයෝගීතා (RCEP) සංගමයේ රටවල් සමඟ ආර්ථික සහයෝගීතාව ඇතිකර ගැනීම මෙන්ම යුරෝපා සංගමය සමඟ ද සබඳතා ශක්තිමත් කර ගැනීම කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ ස්වර්ණමය අවධිය දිවංගත අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ පාලන සමයේ සිට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ පාලන සමය දක්වා දිවෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් සිදුවන වෙනස්වීම් හමුවේ ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ භූමිකාව ඉතා වැදගත් වන බව ද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේ වාර්ෂික සහතික පත්‍ර ප්‍රදානොත්සවය අමතමිනි.
මෙහිදී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ පශ්චාත් උපාධි පාඨමාලා යන මට්ටම් වලින් අධ්‍යයන කටයුතු සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 390කට සහතික පත්‍ර ප්‍රදානය කිරීම සිදුවූ අතර 2020, 2021, 2022, සහ 2023 යන අධ්‍යයන වර්ෂවලදී විශිෂ්ටතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තිළිණ සහ සහතික පත්‍ර ප්‍රදානය ද මෙහිදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සඳහා දක්වන ලද සුවිශේෂී දායකත්වය අගය කරමින් දිවංගත ජයන්ත ධනපාල සහ එච්. එම්. ජී. එස්. පලිහක්කාර යන මහත්වරුන් වෙනුවෙන් විශේෂ ගෞරව සම්මාන පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර අභාවප්‍රාප්ත ජයන්ත ධනපාල මහතා වෙනුවෙන් ඔහුගේ පුත් සිවංක ධනපාල මහතා විසින් සම්මානය ලබාගන්නා ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනේටයි, රුසියාවටයි, මදපෙරදිගටයි කත් ඇදලා යුරෝපා සංගමයට මුක්කු ගහන්නද මේ දඟලන්නේ..? මම නම් හිතන්නේ යුරෝපා සංගමය මේ අසමත්ජාතීන්ව පැත්ත පළාතේ වැද්ද ගන්න එකක් නැහැ කියලයි... වැදගත් ජාතීන්ට එකතුවෙන්න උත්සාහ කරන වෙලාවේ, තමන්ගේ ජාතියට ගැලපෙන, කුණු ගොඩකට එකතු වෙන එකනේ පහසු...
ජර්මන් රිපෝටර්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන කොට නම් එහෙම ගතියක් පෙනුනේ නැහැ.