IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


’’යාපනයට ගංගාවක්’’

(අංජුල මහික වීරරත්න)

දීර්ඝ කාලයක් පුරා පවතින උතුරේ ජල ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා (River for Jaffna) “යාපනයට ගංගාවක්” ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව කීවෙි   "යාපනය - කිලිනොච්චි” ජල සම්පාදන ව්‍යාපෘතියේ  තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (02)  එක් වෙමිනි.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වන විට වසර 15ක් ගත වී ඇති බවත්, දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය. 

ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කිරීම තම අරමුණ බව පැවසූ ජනාධිපතිවරයා ඒ සඳහා එහි සියලු ජනතාවගේ සහාය අපේක්ෂා කරන බවද කියා සිටියේය.

යාපනය - කිලිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතියේ තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය ආසියානු සංවර්ධන බැංකුවේ හා  ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් ක්‍රියාත්මක කෙරේ.

යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ශ්‍රී ලංකා රජය 2011 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ප්‍රංශ සංවර්ධන බැංකුවේ (AFD) ආධාර ඇතිව යාපනය-කිලිනොච්චි දිස්ත්‍රික් ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය (JKWSSP) දියත් කරන ලදී.

මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ උතුරු පළාතේ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල පුද්ගලයන් 300,000 කට පිරිසිදු පානීය ජලය සැපයීම සහ 80,000 ක ජනතාවක් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමයි.

මෙහිදී මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීම සඳහා වන කම්හල  ඉදිකිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් 2017 වසරේදී ගිවිසුමකට එළැඹෙන ලදී.මේ වන විට, උස් ජල ටැංකි විස්සක් (සංඛ්‍යා 20) ඉදිකිරීම, සම්ප්‍රේෂණ නළ මාර්ග කිලෝමීටර 186ක් සැපයීම හා එළීම මෙන්ම බෙදා හැරීමේ නල මාර්ග කිලෝමීටර් 382ක් සම්පූර්ණ කර ඇත.

මෙම ලවණ ඉවත් කිරීමේ කම්හල සඳහා කොන්ත්‍රාත්තුව 2021 වසරේ ජනවාරි මාසයේදී ප්‍රදානය කර තිබේ. ව්‍යාපෘතියේ සම්පූර්ණ වියදම අමෙරිකානු ඩොලර් මිලියන 266ක් වන අතර යාපනය-කිලිනොච්චි ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය 2025 මැද භාගය වන විට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.



අදහස් (20)

’’යාපනයට ගංගාවක්’’

සෙනෙවිරත්න Friday, 02 August 2024 05:11 PM

දහනායක බිබිලේ ගිහින් මෙහෙට වරායක් දෙනවා කියලා කිව්වා කියලා විහිළු කතාවක් අහලා තියෙනවා. ඒ වගේ කතා විශ්වාස කරන අය දැන් නැති බව දැනගත්තොත් හොඳයි...

:       26       70

TestSaturday, 03 August 2024 09:53 AM

මෙය නව ව්‍යාපෘතියක් නොවේ, යාපනයට ගඟ” වසර 70කට පෙර ඉංජිනේරුවකු විසින් යෝජනා කරන ලද ව්‍යාපෘතියකි. 1954 දී වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ඉංජිනේරු ආරුමුගම් මහතා යාපනය අර්ධද්වීපයේ ජල සම්පත් හා පරිසරයේ ප්‍රයෝජනය සඳහා යාපනය සඳහා ගංගාවක් යෝජනා කළේය.

:       0       11

Hafeel Friday, 02 August 2024 05:37 PM

දැන් කියනවා "උතුරේ සිවිල් යුද්ධය අවසන් වී මේ වනවිට වසර 15ක් ගත වී ඇති බවත්, දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ඉදිරියට ගෙන යා යුතු බවත්ය". මෙයා එදා ජපානයෙන් ඉල්ලා සිටියා ලංකාවට දෙන ආධාරය නවත්වන ලෙස. මේක දැන් රාජපක්ෂලා ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීලාට අමතක වෙලාද? ඇයි එදා 2009 සිට බලයේ සිටි ආණ්ඩුවලට...? මෙයාම දැන් ඉල්ලන්න සහයෝගය දීලා මේ වැඩේ කරන්න බැරි වුනේ? මෙදා පාර ජනතාව නිසි උත්තර දේවි...!

:       26       65

chandima Friday, 02 August 2024 05:45 PM

මේ කියන ගංගාව හදන්න යන්නේ හොරකම් කරපු සල්ලි ආපසු ගෙනත්ද? නැතිනම් තවත් ණයක් අරන්ද?

:       26       66

DHARMATILEKE Friday, 02 August 2024 05:59 PM

ඔය කුලියාපිටියේ VW” කාර් හැදෙන කර්මාන්ත ශාලාව වගේ එකක් .ආදරණීය දමිල ජනතාවනි ඔය බොරු පොරොන්දු වලට රැවටෙන්න එපා

:       0       0

SIRI Friday, 02 August 2024 06:10 PM

චන්ද ගුණ්ඩු නෙවේනේ. ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාව මතක් උනේ මට විතරද ?

:       0       0

Chandana Friday, 02 August 2024 06:23 PM

රනිල් මහතා කිසි දිනක නොකරන ප්‍රකාශයක් .බොරු වපුරන්න එපා.කවදාවත්

:       0       0

Akila Friday, 02 August 2024 06:28 PM

අහුවෙන්න නම් එපා... පිනාගේ බයිලා පොරොන්දු වලට, ඕවා පෙන්නලා ඡන්දේ අරන් දින්නාට පස්සේ කරන්නේ ලෝකේ වටේ එකඑක සමුළු වලට සහභාගි වෙමින් රවුම් ගහන එක විතරයි..

:       0       0

sachith Friday, 02 August 2024 08:11 PM

ගඟේ වතුර කෙසේ වෙතත් කොමිස් ටික නම් කොහාටද ගලන්නේ කියලා පින්තූරය දකිනකොටම හිතාගන්න පුළුවන්...

:       0       0

අතුල Friday, 02 August 2024 08:22 PM

යාපනය ජනතාවට "කැරට් අලයක්" පෙන්නලා ඡන්ද ටිකට බැල්ම දානවා.

:       1       5

ramsi Friday, 02 August 2024 08:47 PM

මොකද බැරි....? මහා භාණ්ඩාගාරයේ පතුලටම හිඳෙන්න ගංගාවක් හැදුවේ මුන්දෑ නේද?

:       1       5

විදුර Friday, 02 August 2024 10:25 PM

යාපනයට ගංගාවක් දෙනවානම් අහවල් එකටද RO පවිත්‍රාගාර හදන්නේ, ඉස්සල්ලා ගඟ හදලා පස්සේ පවිත්‍රාගාරය හදපන්කෝ මෝඩ දේශපාලකයෝ. ඔය ව්‍යාපෘතිය ණය ගෙවන්නේ විවෘත කරන්න ආපු අයගෙ සල්ලි වලින්ද?

:       1       3

Perera Saturday, 03 August 2024 06:07 AM

අනේ ඔය ගමන නුවර එළියට පොඩියට මුහුදකුත් දෙන්න බලන්නකෝ..!

:       1       5

sam Saturday, 03 August 2024 07:06 AM

මේ ඔක්කෝම ජන්ද ගුන්ඩු

:       1       4

Ruwan R Saturday, 03 August 2024 07:47 AM

මේ සැරේ නම් ඉර හඳත් ගෙනත් දෙනවා ෂුවර්...

:       0       5

pakeer Saturday, 03 August 2024 09:08 AM

කොතැනින්ද මචන් ගඟ කපන්න හොඳ? සිරිපාදේ ඉඳන්ම යාපනයෙන් මුහුදට වැටෙන්න ගෙනාවොත් නරකද? ඔයාලාට ඕනේ උදලු , සවල් මම දෙන්නම්...

:       1       7

Upali weerapperuma Saturday, 03 August 2024 10:29 AM

ඡන්දෙ ලංවෙනකොට මතක්වෙන දේවල්...!

:       2       7

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 03 August 2024 12:58 PM

මෙයා දැන් දෙවියන්වහන්සේ කියලාද හිතාගෙන ඉන්නේ ? ගංගා මවන්න? 1 ආසනයක්වත් දිනන්න බැරි වුණු කෙනාව කව්ද ජනාධිපති කරවන්නේ?

:       2       9

කාන්චනා Saturday, 03 August 2024 07:18 PM

අර ඡන්ද කාලෙට පමණක් මතුවෙන මන්නාරමේ තෙල් ළිං වලින් අපි පොහොසත් වෙන හැටිත් කියන්න.

:       0       0

මාළු මාම Saturday, 03 August 2024 07:58 PM

මෙය පරන ව්‍යාපෘතියක් කියල.අධිවෙගී පාරවල් හදනකොට මහින්දට ඇඹුල් තියල් ගෙන්න කියපු උන්ගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 598 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 293 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site