
( බී.ජී. චතුරංග)
අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මරණයට පත්ව ඇත්තේ, අංක 426, මිහින්තලා පාර, යාපනය හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ඒ. එල්. කුමුදිනී නැමැති 60 හැවිරිදි තිදරු මවකි.
මරණකාරියගේ සැමියා මීට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති අතර දරු තිදෙනා විවාහ වීමෙන් අනතුරුව නිවසින් පිටව වෙන්ව ජීවත්ව ඇති බව පොලිසිය සඳහන් කළේය.
අවට ප්‍රදේශයෙන් දුර්ගන්ධයක් වහනය වීමත් , නිවසේ දොරගුළු දමා තිබීම සහ එම කාන්තාව දක්නට නොමැති වීම හේතුවෙන් අසල ලී වෙළෙඳ සැලක අයෙකු වැඩි මහල් පුත්‍රයාට දැනුම් දීමෙන් අනතුරුව, නිවසේ දොර කඩා ඇතුළු වී ඇඳ තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවගේ මළ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.
මේ සම්බන්ධව පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
637
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්