
(සුජිත් හේවාජුලිගේ )
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
2019 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත යාපන නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීම සඳහා රුපියල් කෝටි 214 කට වැඩි කොන්ත්‍රාත් වටිනාකමකට පෞද්ගලික ඉදිකිරීම් සමාගමක් තෝරාගෙන තිබූ බවත් ව්‍යාපෘතිය 2019 ඔක්තෝබර් 10 සිට ආරම්භ කර 2024 ඔක්තෝබර් 9 දින දක්වා 1125ක දින දීර්ඝ කිරීම් හතරක් ලබා දී තිබුණු බවත් එම වාර්තාවේ දැක්වේ.
කෙසේ වෙතත් එහි භෞතික ප්‍රගතිය සියයට හැට හයක් පමණ වූ අතර මූල්‍ය කාර්ය සාධනය කෝටි 1636ක් බව අමාත්‍යාංශයේ ප්‍රගති වාර්තාව අනුව නිරීක්ෂණය වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර එහි කොන්ත්‍රාත් වටිනාකම රුපියල් කෝටි 377 සිට කෝටි 162කින් වැඩි කිරීමටද කටයුතු කර තිබූ බව එම වාර්තාව සඳහන් කරයි.
නිවාස සංවර්ධන අධිකාරිය හරහා රුපියල් කෝටි කෝටි841ක භාණ්ඩාගාර ප්‍රතිපාදන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ඒකක 14022ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියද අසාර්ථක වී ඇති බව
වාර්තාව සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු දෙදහස් 2022 දෙසැම්බර් අවසන් කළ යුතු වුවද 2023 දෙසැම්බර් දක්වා රුපියල් කෝටි හත්සිය හැත්තෑවක් වැයකර ලබාගෙන තිබුණේ සියයට 79ක ප්‍රගතියක් බව එහි දැක්වේ.
නිවාස ඒකක 7744ක් පමණක් ඉදිකර තිබුණු අතර නිවාස ඒකක හැත්ත පහක් ඉදිකිරීම අත්හිටුවා තිබූ බව විගණන කාර්යාලය පවසයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති නාගරික සංවර්ධනය හා නිවාස අමාත්‍යාංශයට අදාළ විස්තර ලේඛනයේය.
2025 නොවැම්බර් මස 04
674
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යාපනය නගර බිල්ඩිමට සල්ලි කාලා
vernon Wednesday, 14 May 2025 11:21 AM
ඔය කියන කාලේදි කෝවිඩ් නිසා ඉදිකිරීම් නැවැතිලා තිබ්බා කියලා ඇයි කියන්නේ නැත්තේ...? අනික ඔය කාලේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය වල මිල අහස උසට නැග්ගා. පොරොන්දු වෙච්චි ගණන් වලට කරන්න කොන්ත්‍රාත්කරුවන්ට අමාරු වුණා. ඇයි ඒ අතීතය කියන්නේ නැත්තේ...?
NPP Wednesday, 14 May 2025 01:58 PM
ඔන්න ජපන් පූතාණෝගේ වැඩ...