
(රොමේෂ් මධුෂංක)
අනතුරකින් පසුව පුද්ගල පහරදීමක් සම්බන්ධයෙන් සිදුකල පරික්ෂණයකින් අනතුරුව යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි යාපනය පොලිසිය පැවසීය.
චුන්නාකම් ප්‍රදේශයේදී පසුගිය 09 වැනිදා රිය අනතුරක් සිදුවීමෙන් පසුව චුන්නාකම් පොලිස් ස්ථානයේ සිවිල් ඇඳුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අනතුර සිදුකල පුද්ගලයා පසුපස ලුහුබැඳ ගොස් ඔහු අතුඅඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය හා ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්වයක් ඇතිවූවේ සිවිල් ඇදුමින් සැරසුන් පොලිස් නිලධාරීන්ට ඒලෙස අත්අඩංගුවට ගැනීමට නොහැකි බව පවසමිනි.
එහිදී ඇති වූ උණුසුම් තත්වයේදී පොලිස් නිලධාරීන් පහරදුන් බව පවසමින් කාන්තවක් ඇතුලු පිරිසක් චුන්නාකම් පොලීසියට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කොට සිටියහ.
ඉන් අනතුරුව යාපනය නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අදාල සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩයමක් යොදවා සිදුකරන ලද පරික්ෂණයකින් අනතුරුව මෙලෙස පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුගේ වැඩ තහනම් කිරීඹට පියවර ගෙන තිබුණි.
එලෙස වැඩතහනම් කර ඇත්තේ, චුන්නාකම් පොලීසියේ පොලිස් පරික්ෂකවරයෙක්, පොලිස් සැරයන්වරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසූ අතර ඒහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පවසා සිටියේ,.
රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු විසින් රථය නතර නොකර පළා ගිහින් තිබුණා. ඒ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ බහින්බස්වීමක් මත පොලිස් නිලධාරීන් විසින් ඔහුට යම් ආකාරයේ පහරදීමක් සිදුවුණා කියන චෝදනාව ඔහු විසින් ඉදිරිපත් කරලා තිබුණා. ඒ අනුව පරික්ෂණයක් කරලා තමයි මේ පොලිස් නිලධාරීන් 04 දෙනෙකුගේ වැඩතහනමට ලක් කළේ යනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවිල් ඇඳුමෙන් සිටිමින් රාජකාරි කළානම් ඒක පොලීසියේ කටයුත්තක්නේ. මොනවා වුණත් වැරැදි කරන සාමාන්‍ය ජනතාව ඕනෑවට වැඩිය චූං කරන්න ගිහින් පොලීසියේ සේවකයින් මන්දගාමී කරන එක ගැන හිතන්න ඕනෑ. ඒක මේ රජයේ හැටි වෙන්න ඇති...!