(ප්‍රදීප් කුමාර)
 
යාපනය රදගුරු නිවසේ ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.
 
උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පසුගියදා යාපනය රදගුරු ජස්ටින් බී ඥානප්‍රගාසම් හිමිපාණන් හමුවී ආගමික ස්ථානවල ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා කර තිබිණි.
 
තවත් ප්‍රහාර කිතුණු ආගමික සිද්ධස්ථාන වෙත එල්ල විය හැකි බවට වන බුද්ධි අංශ වාර්තා ඉදිරිපත් වීමත් සමඟ මෙසේ ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන තිබේ.
 
යාපනය රදගුරු නිවසට මෙතෙක් විශාල ආරක්ෂාවක් සපයා නොතිබුණු නමුත් ඉකුත් 24 දා සිට එහි ආරක්ෂාව යුධ හමුදාව හා පොලීසිය යොදවා දැඩිකර තිබේ.