IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


යුනිසෙෆ් වාර්තාව ගැන විවාදයක් ඕනෑ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණය සම්බන්ධයෙන් යුනිසෙෆ් ආයතනය ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී  අද (29) ඉල්ලීමක් කළේය.

එසේම එම වාර්තාවෙන් හෙළි කෙරුණු කරුණු සම්බන්ධයෙන්  කරුණු පැහැදිලි කිරීමක් කරන්නැයි  සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කරන බවද  හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ නියෝජ්‍ය කතානායකවරයාගේ  අවසරය ඇතිව ප්‍රකාශයක් කරමිනි.

ළමා මන්දපෝෂණය  උග්‍ර  රටවල් අතර ශ්‍රී ලංකාව 6වෙනි තැනට පත්ව ඇතැයි  යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙන බව පවසන විපක්ෂනායකවරයා ළමා මන්දපෝෂණය අතින් දකුණු ආසියාවේ දෙවැනි තැනට පත්ව ඇත්තේද  ශ්‍රී ලංකාව බව සඳහන් කළේය.

හතළිස් තුන් ලක්ෂයක් වන පාසල් දරුවන්ට පාසල් දිවා ආහාරය ලබා දීමට වැඩපිළිවෙළක් අරඹන්නයි ඉල්ලීමක් කරන බව පැවසූ විපක්ෂනායකවරයා අතුරු අයවැයට එය ඇතුළත් කළ යුතු බවද ප්‍රකාශ කළේය.

විවිධ නිල නිවාස සෑදීමට මුදල් ලොකුවට වැය කරන අවස්ථාවක දරුවන්ගේ පෝෂණ තත්වය නැංවීමට රජය මීට වඩා අවධානය යොමු කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.


 



අදහස් (1)

යුනිසෙෆ් වාර්තාව ගැන විවාදයක් ඕනෑ

Saththaya Monday, 29 August 2022 10:08 PM

ලංකාව බංකොළොත් වෙලා කියලා මෙයාට කියලා දෙන්න කව්රුත් නැද්ද? රට සාමාන්‍ය විදියට යන විදියටනේ හැමදාම ප්‍රශ්න ගේන්නේ... ඕනෑකරලා කාලය නාස්ති කරලා ජනතාවගේ බඩගින්නෙන් බලය අල්ලන්නයි බලන්නේ.., හොඳට කාලා බීලා ජනතාවට, තිබුණු ආණ්ඩුව පෙරලන්න අහවලත් එක්ක එකතුවෙලා කුමන්ත්‍රණය කරලා දැන් බයිලා ගහනවා. වෙලාව ආපුවාම කරුමය පසුපස එයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 21 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 926 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site