IMG-LOGO

යානා කුලියට ගන්න හේතුව ඇමැති කියයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට බදු පදනම යටතේ ගුවන්යානා 11ක් ලබාගන්නේ එය ප්‍රතිව්‍යුහගතකරන තුරු පවත්වාගෙනයාමට බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ව්‍යාපාරයක් වැටුණු පසු ප්‍රතිව්‍යුහගත කළ නොහැකි බව කී ඇමතිවරයා දැනට ලබාගෙන ඇති ගුවන්යානාවල බදු කාලය අවසන් වුවහොත් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ව්‍යාපාරයක් නැතිවන බව ද සඳහන් කළේය.

මෙය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් පවත්වාගෙන නොගියහොත් ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවන්නේ කේඩෑරි වූ ව්‍යාපාරයක් ලෙස බවද ඇමතිවරයා කීවේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.  



අදහස් (2)

යානා කුලියට ගන්න හේතුව ඇමැති කියයි

ravin Tuesday, 13 December 2022 09:49 PM

අනේ මගේ කට. ඔයා ගනුදෙනුවලදී හම්බවෙන කොමිස් ගැනත් කියන්නකෝ.

:       0       1

Lalla Wednesday, 14 December 2022 11:36 AM

කොපමණ කාලයකටද? පැහැදිලි දැක්මක් නැති පඩංගු ටියුෂන් ගුරෙක් නොදන්න බයිල කියවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 66 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site