
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඊශ්‍රායලයේ යුද තත්ත්වය තවත් තීව්‍ර වුවහොත් ආසන්න රටවල ගුවන්යානා යවා එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට දැනටමත් සාකච්ඡා කර තිබෙන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී අද (19)පැවසීය.
ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන් ලංකාවට පැමිණීමට අවශ්‍ය යැයි මෙතෙක් පවසා නැති බව කී අමාත්‍යවරයා ඔවුන් ඊශ්‍රායලයේ ආරක්ෂක විධික්‍රම පාවිච්චි කරමින් සිටින බව සඳහන් කළේය.
ඊශ්‍රායලයේ ගුවන්තොටුපළ මේ වන විට වසා දමා තිබෙන අතර ව්‍යාපාර සඳහා ඊශ්‍රායලයට ගිය දෙදෙනෙක් ලංකාවට පැමිණිය යුතු බව කියා තිබු බවත් ඔවුන්ට ලංකාවට පැමිණීමට පහසුකම් සපයමින් සිටින බවත් අමාත්‍ය විජිත හේරත් මහතා කීය.
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් විසි දහසක් පමණ සිටින අතර ඉරානයේ ශ්‍රී ලාංකිකයන් සිටින්නේ 35ක් වැනි සංඛ්‍යාවක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහේද? පැලවත්තටද?