
(මදුශානි අබේසිංහ)
නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ පැවති යුද කාලවකවානුව තුළ වැසීගිය සිංහල පාසල් දහතුනෙන් එකම පාසලක්වත් විවෘත කර ගැනීමට පැවැති කිසිදු රජයකට නොහැකිවීම කනගාටුවට කරුණක් බව මඩකළපු දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී,කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානාධිපති දේවගල දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
යුද වකවානුව තුළ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව විශාල වශයෙන් ගම්බිම් හැර ගියද යුද්ධය නිමාවෙන් පසු යළිත් ඔවුන්ගේ දරුවන් සමඟ තම නිජබිම් වලට පදිංචියට පැමිණියද ඉඩම් සම්බන්ධ ගැටලු රැසක් පවතින බවත් එලෙස පැමිණෙන සිංහල ජනතාව සඳහා සිංහල පාසලක් නොමැතිවීම විශාල ගැටලුවක් බවද දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
යුද්ධය නිමා කර, සාමය උදා වී වසර දාහතරක් ගත වුවද නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය යටතේ නැගෙනහිර පළාතේ එකම සිංහල පවුලක්වත් පදිංචි නොකිරීම කනගාටුවට කරුණක් බවත්, මෙම තත්වය යටතේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ සිංහල ජනතාවගේ මෙන්ම දැන්ට සිටින පාසල් දරුවන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, තමන් ඇතුළු පරිත්‍යාගශීලීන්, දානපතින්, මැදිහත්වීමෙන් කල්කුඩා සිංහල පාසලක් සිදු කරගෙන යන බවත්, එමෙන්ම පුන්නකුඩා ගම්මානයේ පෙරපාසලක් පමණක් සිදුකරන බවත්, මෙම තත්වය අවබෝධ කරගෙන නැගෙනහිර පළාතේ වැසීගිය පාසල් 13 එකක්වත් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද දේවාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සිංහල පාසල් ආරම්භක කිරීමට හෝ දැනට ජීවත්වන සිංහල ගම්වාසීන් උදෙසා කිසිදු සහන වැඩපිළිවෙළක් අයවැයෙන් ප්‍රකාශ නොවූ බවත්, පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුකර නැගෙනහිර පළාතේ, මඩකලපුව සිංහල ජනතාවගේ ඉඩම් අයිතීන්, අධ්‍යාපන, සෞඛ්‍ය, පානීය ජලය සහ විදුලිය පහසුකම් මෙන්ම අනෙකුත් අයිතිවාසිකම් ලබාගැනීමට පූර්ණ අවධානය යොමු කරන ලෙසත් දැනට සිංහල ජනතාවට විවිධ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් මෙන්ම ඇතැම් නිලධාරීන්ගෙන් බොහෝ අඩත්තේට්ටම් සිදුවන බවද දේවාලංකාර නාහිමියන් 15 වෙනිදා මඩකලපුව කල්කුඩා ශ්‍රී සීලාලංකාර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අනාවරණය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුලු ජාතික චන්ද බලාගෙන තමයි අය වැය ඉඉදිරිපත් කරල තියෙන්නේ වතුකරයේ ජනතාව කොළඹ මුස්ලිම් ප්‍රජාව උතුරේ ද්‍රවිඩ ප්‍රජාව ආදියට බෙදලා තියෙන්නේ . අය කිරීම බහුතරය තුලින් .
මහින්ද රාජපක්ෂ වැනි ප්‍රතාපවත් නායකයකු පමණක් නොව රනිල් වික්‍රමසිංහ වැනි සුළු ජාතිවාදීනට මනාපයක් ඇති නායකයකුත්, අනුර කුමාර වැනි වෙන්ඩ ජනාධිපතිලාත් දෙමළ ජාතිවාදී නායකයනට ඇති බය පක්ෂපාතකම මෙම කනගාටුදායක තත්වයට හේතුවයි.
ඔබවහන්සේලාට අහිංසක සිංහලයන් රැකගැනීමට දරන වෙහෙසට ගොඩක් පිං. සිංහල දේශපාලුවන්ට ඕව ඔ්න නැහැ. ඩොලර්වලට කෑදර NGO කපුටො දැන් ඔබවහන්සේටත් බනිවි අර සුමන හාමුදුරුවන්ට වගේ...
හරිම කණගාටුයි. දැන්වත් රජය මැදිහත් වී ඒවා නැවත ස්ථාපිත කර ඔහුන්ට සාධාරණය ඉටුකරන්න.
දැන් ඉන්න කෙනා නම් මේං කියලා සිංහල පාසල විවෘත කරලා දෙයි. හමුදාව දිලා සිංහල මිනිසුන් ට ඒ පැත්ත තහනම් කරන්නත් පුලුවන්
මේ වඩුග පාලකයා දෙමළුන්ට උතුරත් හම්බයින්ට නැගෙනහිරත්, ඉන්දියානු වතු දෙමළුන්ට රට මැදත් පාවා දීල මකබෑවෙන්නයි හදන්නේ. අපේ හාමුරුවනේ හම්බයින්ට සිංහලයින්ගේ ගම්බිම් අයිති කරගන්න ඉඩ තියෙන්න එපා. සිංහල ජනතාව මීට විරුද්දව නැගිට්ටවන්න.
ඉදිරි සැලසුම් අපට දන්වා එවන්න.
අපිත් හිතුවෙ යුයුද්ධයෙන් පස්සේ හොදටම කාලා බිලා ඉන්න රටක් අති වෙයි කියලා. ගිරිවාපත්තුවේ පවුලේ කට්ටිය නම් කලා බිලා රජ සපට ඉන්නවා .
ඔබවහන්සෙලාගෙ ඇස්වලට විතරයි ජාතියෙ වැනසිම පෙනෙනෙ. පිනගෙ ඇස්වලට පෙනෙන්නෙ දෙමල චන්ද විතරයි.
ගිරුවා පත්තුවේ එවුන් යුද්දේ නැවැත්තුවාට උඹලට කවන්න බැඳිලා නැහැ.