(ඉන්දිකා  රාමනායක)

යුද්ධ හමුදාවේ 73 වන සංවත්සරය සහ යුද්ධ හමුදා දිනයට සමගාමීව  යුද හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් 7500 දෙනකුට උසස් විම්  ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ නිර්දේශය  මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය පරිදි මෙම  උසස්වීම් ලබාදී ඇති බව හෙතෙම කීය. 

යුද හමුදාවේ 73  වන සංවත්සරය සහ යුධ හමුදා දිනය අද (10) දිනට යෙදී තිබිණි.

උසස්වීම් ලද මෙම පිරිස අතර නිලධාරීන් 372 දෙදෙනෙකුත් සහ සෙසු නිලයන් 7127 පිරිසක් සිටින බව යුද හමුදා ප්‍රකාශකවරයා කීය..

 උසස්වීම්  ලද  නිලධාරීන්  අතර  යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු මේජර් ජෙනරල් නිලයටත්,, කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 23 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයටත්, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 28 දෙනෙකු කර්නල් නිලයටත්, මේජර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 35 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයටත්, කපිතන් නිලයේ නිලධාරීන් 125 දෙනෙකු මේජර් නිලයත්, ලුතිතන් නිලයේ නිලධාරීන් 63 දෙනෙකු කපිතන් නිලයටත්, සහ දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 93 දෙනෙකු ලුතිතන් නිලයටත් වශයෙන් මෙම උසස් වීම් සිදු කර ඇති බව හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය