(ඩයනා උදයංගනී)
යුද ගැටුම් පැවති කාලයේ සරණාගතයින් ලෙස දකුණු ඉන්දියාව බලා ගිය පවුල් 23ක, සාමාජිකයින් 58 දෙනෙකු හෙට (9) දිනයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම පිරිසට පිරිමි 26 දෙනෙකු සහ ගැහැණු 32 දෙනෙකු ඇතුළත් බව එම අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.
මෙම පිරිස එයාර් ලංකා යූ.එල් 138, යූ.එල් 132 සහ යූ.එල් 122 යන ගුවන් යානා මගින් මෙරටට පැමිණීමට නියමිත බව ද ලේකම්වරයා සඳහන් කළේය.
ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව යාපනය, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය සහ කොළඹ යන දිස්ත්‍රික්කයන් හි පදිංචියට යාමට නියමිත බව ද සිවඥානසෝති මහතා කීවේය.
සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය විසින් සැලසූ පහසුකම් මත යුද්ධය පැවති සමයේ දී මෙම පිරිස් දකුණු ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.
එම පිරිසට නොමිලයේ ගුවන් ටිකට්පත්, ඒකාබද්ධ කිරීම යටතේ ලබාදෙන දීමනාව වශයෙන් වැඩිහිටියන්ට රුපියල් 10,000ක්, දරුවන්ට රුපියල් 5,000ක්, ප්‍රවාහන දීමනාව වශයෙන් රුපියල් 2,500ක්, ආහාර නොවන ද්‍රව්‍ය සඳහා එක් අයකුට රුපියල් 5,000ක්, එක් පවුලකට රුපියල් 10,000ක් වශයෙන් සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය මගින් ලබාදීමට නියමිතය.
මීට අමතරව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය විසින් ද ගුවන් තොටුපලේ දී රුපියල් 5,000ක්, තාවකාලික නිවසක් ඉදිකර ගැනීම සඳහා රුපියල් 25,000ක්, උපකරණ සඳහා රුපියල් 3,000ක්, ඉඩම් එළිපෙහෙළි කිරීම සඳහා රුපියල් 5,000ක් වශයෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට දීමනා ලබාදෙන බව ද ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී.සිවඥානසෝති මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
" එක්සත් ශ්‍රී ලංකාවකට " ආදරයෙන් පිළිගනිමු .
2020 ඡන්දෙට ඉම්පෝට් කරනවා වගේ....
එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය මගින් පිටරට අරින්න සියලු පහසුකම් යෙදෙව්වා නම් ඒ ගිය පිරිස කොහොමද සරණාගතයන් වන්නේ..
25000කට ගෙයක් හදන්නේ කොහොමද?
අම්බෝ තව එනවද. අනේ ලංකාව.......
ලංකාවේ ඉපදුන ඕනෑම කෙනෙක් කොහේ ගියත්... නැවත එනවනම් අපි පහසුකම් සලසන්න ඕනේ ඒක අපි හැටි, හොද දෙයක් කලොත් හොද දෙයක්ය ලැබෙනවා, යුද්ධ කාලේ බිහිසුණු වෙඩි සද්දයට සහ තම දරු පවුල් ගැන හිතල මෙහෙම අසරණ උන මිනිස්සුන්ට උදව් කිරීම ලොකු පිනක්.