
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුද්ධ හමුදා පස්වන ශ්‍රී ලංකා සංඥා බළකාය භාවිතා කරන රිපිටර් වර්ගයේ අධි බලති සන්නිවේදන උපකරණ කට්ටලයක් අඩංගු ප්ලාස්ටික් පෙට්ටියක් පිලියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ කැලිකසල බහාලන ස්ථානයක දමා ගොස් තිබියදී හමුවූ බව පිළියන්දල පොලිසිය කියයි.
තම වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලෙ කැලිකසල බහාලීම සඳහා සකස් කර තිබෙන කුඩා කාමරය තුළ කළු පාටට හුරු ප්ලාස්ටික් පෙට්ටියක් තිබෙන බවත් එහි මතුපිට අංක 5,එස්,එල් එස් සි යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියා ඇති බවට වෙළඳ සංකීර්ණයේ හිමිකරු 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා ලබා දුන් තොරතුරක් අනුව මෙය සොයා ගත් බව පොලිසිය කියයි .
ඒ අනුව එම ස්ථානයට ගිය පිලියන්දල පොලිසියේ නිලධාරීන් එම කළු පාට පෙට්ටියෙ මතුපිටින් සඳහන් කර ඇති ඉංග්‍රීසි අක්ෂර අනුව එය යුද හමුදාව සංඥා බලකායට අයත් යම් උපකරණයක් බව සැක කර එය විවෘත කර බැලීමේදී ඒ තුළ කොටස් 4කින් යුත් සන්නිවේදන උපකරණ සහ වයර් තිබු බව පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ආණ්ඩුවේම උප්පර වැට්ටි. අපි අහුවෙයි ඕවාට.
ඊළඟ ඡන්දේ අයිස් නැගිටීමට අමතරව සුපුරුදු කොටි වෙන මුකුත් තියෙනවද.?
ඒක හරි. ඔය මඟුල් වලින් වැඩක් නැහැ. එනවනම් වරෙන් අතින් පයින්.