
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
යුද්ධ හමුදා පස්වන ශ්‍රී ලංකා සංඥා බළකාය භාවිතා කරන රිපිටර් වර්ගයේ අධි බලති සන්නිවේදන උපකරණ කට්ටලයක් අඩංගු ප්ලාස්ටික් පෙට්ටියක් පිලියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ කැලිකසල බහාලන ස්ථානයක දමා ගොස් තිබියදී හමුවූ බව පිළියන්දල පොලිසිය කියයි.
තම වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලෙ කැලිකසල බහාලීම සඳහා සකස් කර තිබෙන කුඩා කාමරය තුළ කළු පාටට හුරු ප්ලාස්ටික් පෙට්ටියක් තිබෙන බවත් එහි මතුපිට අංක 5,එස්,එල් එස් සි යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියා ඇති බවට වෙළඳ සංකීර්ණයේ හිමිකරු 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා ලබා දුන් තොරතුරක් අනුව මෙය සොයා ගත් බව පොලිසිය කියයි .
ඒ අනුව එම ස්ථානයට ගිය පිලියන්දල පොලිසියේ නිලධාරීන් එම කළු පාට පෙට්ටියෙ මතුපිටින් සඳහන් කර ඇති ඉංග්‍රීසි අක්ෂර අනුව එය යුද හමුදාව සංඥා බලකායට අයත් යම් උපකරණයක් බව සැක කර එය විවෘත කර බැලීමේදී ඒ තුළ කොටස් 4කින් යුත් සන්නිවේදන උපකරණ සහ වයර් තිබු බව පොලිසිය කියයි.

2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
යුද සංඥ උපකරණ කට්ටලයක් කසල ගොඩේ
chithral Sunday, 18 December 2022 05:55 PM
මේවා ආණ්ඩුවේම උප්පර වැට්ටි. අපි අහුවෙයි ඕවාට.
sachith Sunday, 18 December 2022 08:40 PM
ඊළඟ ඡන්දේ අයිස් නැගිටීමට අමතරව සුපුරුදු කොටි වෙන මුකුත් තියෙනවද.?
podiekaa Monday, 19 December 2022 03:41 AM
ඒක හරි. ඔය මඟුල් වලින් වැඩක් නැහැ. එනවනම් වරෙන් අතින් පයින්.