(ජේ .
ඒ . එල් ජයසිංහ)
පියා සහ දියණිය ගමන් ගත් යතුරු පැදියක් අද(16) මහනුවර විලියම් ගොපල්ලව මාවතේදී පුද්ගලික බස් රියක ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස අසුනේ ගමන් ගත් 17 හැවිරිදි පාසැල් සිසුවියක් බරපතළ තුවාළ ලබා මරණයට පත්ව තිබෙන බව මහනුවර පොලීසියේ රථවාහන අංශය පවසයි.
අනතුරින් මියගිය සිසුවිය ගැටඹේ මහානාම විදුහලේ උසස් පෙළ හදාරණ බවත් ,ඇය සිය පියා සමග අමතර පංතියකට එමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්ව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අනතුරින් යතුරු පැදිය පැදවූ පියාට කිසිදු තුවාළයක් හෝ සිදුව නැති බව පොලීසිය කියයි.අනතුරට ලක්වූ යතුරු පැදිය සහ පුද්ගලික බස්රිය ගැටඹේ දෙසසිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතර පංති හින්දා දෙමව්පියන්ට පුදුම කරදරයක් වෙලා, ඉස්කෝලේ හරියට උගන්වන් නැති හින්දයි මේ විනාශය..., කුඩු වලට වඩා විනාශයක් රටට මේකෙන් වෙනවා, දෙමව්පියෝ කන්නේ නැතිව ළමයි පංති යවනවා, මේක නතර කරන්න ආණ්ඩුවක් නෑනේ.
නිවන් සුව ලැබේවා දුව...!