
මියගිය දෙදෙනාගේ ජායාරූප
(පී ශාන්ත බණ්ඩාර)
තිදෙනෙකු ගමන් ගත් යතූරැ පැදියක් අනාරක්ෂිතව අධික වේගයෙන් ගමන් කිරීමේදී පාලනය කර ගත නොහැකිව තාප්පයක ගැටීමෙන් එහි ගමන් කළ තිදෙනාගෙන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා බරපතල තුවාල සහිතව මාවනැල්ල මුලික රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබන බව මාවනැල්ල පොලීසිය පැවසිය.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මාවනැල්ල අම්බුලුගල පදිංචිව සිටි හෙට්ටිගෙදර සමිත බණ්ඩාර (24) මාවනැල්ල අම්බුලුගල අක්කර 10 පදිංචිව සිටි ලේකම් රාල්ලාගේ ප්‍රියන්ත බණ්ඩාර (21) දෙදෙනාය.
අමිබුලුගල පදිංචි තුෂාර භාතිය ප්‍රේමරත්න බරපතල තුවාල ලබා මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.
මොවුන් තිදෙනා මාවනැල්ල නගරයේ ඊයේ (20) පැවැති සංගිත සංදර්ශනයක් නරඹා හිස් වැසුම් පවා නොමැති එකම යතුරු පැදියක අධික වේගයෙන් ඔවුන්ගේ නිවෙස් කරා රාත්‍රි 9.30 පමණගමන් කිරීමේදී යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව වැලි ගල්ල ප්‍රදේශයේ නිවසක තාප්පයක ගැටී ඇත.
යතුරු පැදිය ගැටෙන ශබ්දය අසා එම ස්ථානයට පැමිණි අසල්වාසීන් විසින් තුවාලකරුවන් රෝහල වෙත ගෙන ගොස් ඇති අතර ඇතුල් කිරීමටත් පෙර දෙදෙනෙකු මිය ගොස් සිටි බවද පොලීසිය පැවසීය.
මාවනැල්ල පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත කලූආරච්චි මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නුවන් රත්නායක මහතා විසින් පරීක්ෂණ සිදු කරයි. පශ්චාත් මරණ පරික්ෂණය අද සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd