(සුමතිපාල දීයගහගේ )
රත්ගම විජේරත්න මාවත හන්දිය අසල දුම්රිය හරස් මාර්ගයේදී අද (20) අලුයම යතුරුපැදියක් දුම්රියේ හැපිමෙන් යතුරුපැදිකරු මිය ගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ රත්ගම පල්ලියපිටිය පදිංචිකරුවෙකුවු නයිදුවා හන්දි චන්ද්‍රසේන (63) නැමැති අයෙකි.
කොළඹ සිට ගාල්ල බලා ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබු දුම්රියක යතුරුපැදිකරු හැපිමෙන් තුවාල ලැබු පසු තුවාලකරු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටින විට මිය ගොස් ඇති බව පොලිස් පරික්ෂණවලදී හෙළිවී ඇත.
මිය ගිය පුද්ගලයාගේ මරණ පරික්ෂණය අද (20) කරාපිටිය ශීක්ෂණ රෝහලේදී පැවැත්විමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd