
(දිලීප් ජයසේකර)
සූරියවැව මුවන්පැලැස්ස ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශණයක ආරක්ෂක රාජකාරීය නිම කර සිය යතුරු පැදියෙන් නිවස බලා යමින් සිටියදී සූරියවැව පරණ ඇඹිළිපිටිය පාරේ 09 හමාර ප්‍රදේශයේදී යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදු වු අනතුරකින් සූරියවැව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා අද (10) මියගොස් ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව මියගොස් ඇත්තේ සූරියවැව පොලිසියට අනුයුක්තව එහි අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ඇඹිළිපිටියේ පදිංචි 35 හැවිරිදි දුමින්ද නිරෝෂන් නැමති උප පොලිස් පරීක්ෂකවරයෙකි.
මිය ගිය උප පොලිස් පරීක්ෂකවරයා පෙරේදා (09) දින රාත්‍රියේ සූරියවැව මුවන්පැලැස්ස ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශණයක ආරක්ෂක රාජකාරියේ නිරතව සිට පසුව ඊයේ (10) අලුයම 02ට පමණ පරණ ඇඹිළිපිටිය මාර්ගය ඔස්සේ නිවස බලා යාමට යතුරු පැදියෙන් පිටත්ව ගොස් තිබේ.
යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබේ. අනතුරින් උප පොලිස් පරික්ෂක වරයා එම ස්ථානයේදිම මියගොස් තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද වුණේ කියලා බලාගන්න පුළුවන් මරණ පරීක්ෂණය කෙරුවා නම්... පොලිසියේ හින්දා වෙන්න ඇති ඒක නොකියා ඉන්නේ...!!!
හරිම කණගාටුදායකයි. ඔබට අමාමහ නිවන්සුව අත්වේවා...!
මක්කටෙයි මේ පරණ ඇඹිලිපිටිය පාර කියන්නේ? මොකද අලුත් ඇඹිලිපිටියකුත් තියෙයියෑ...