(වසන්ත චන්ද්‍රපාල)

යාපනය පොලිස් වසමේ යාපනය කොළොම්බුතුරේ මාර්ගයේ නෙඩුම්කුලම් හන්දිය ආසන්නයේ දී යාපනය දෙස සිට කොළොම්බුතුරේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊයේ(16)වන දා රාත්‍රි කාලයේ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටීමෙන් සහෝදරයකු සහ සහොදරියක් මියගොස් ඇතැයි යාපනය මූලස්ථාන පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ  24 හැවිරිදි  රොබින්න් ඩට්නි  සහ  19 හැවිරිදි  වන රොබින්සන් ඩිල්ෂිකා බව පොලිසිය කියයි.

ඔවුන් යාපනය මානියම්තෝට්ටම්  ප්‍රෙද්ශයේ පදිංචි අයියයි, නංගියි බව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකාරිය යාපනය රෝහලට ඇතුලත් කර ප්ති‍රකාර ලබමින් සිටිය දී මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.