
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තරුණ යුවළක් ගමන් ගත් යතුරු පැදියක් අද අළුයම බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීමෙන් ඔවුන් දෙදෙනා මෙම ස්ථානයේදීම මියගොස් ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 21 ක තරුණයකු සහ මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 19 ක තරුණියක බව පොලිසිය සඳහන් කරයි.
ඔවුන් දෙදෙනා කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට යතුරුපැදියෙන් පැමිණීමේදී වැල්මිල්ල හංදිය පසුකරනවාත් සමඟම යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ඇදී ගොස් බෝක්කුව ගැටීමෙන් අනතුරුව යතුරුපැදිය විසිවී ගොස් අසල තිබූ ගල් බැම්මක වැදි මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුකයි... ඒත් බයිසිකල් එක දිහා බලපුවාම නම් පෙනෙන්නේ රේස් පැදපු බවක්...
අපරික්ෂාකාරී රිය පැදවීම්...!!!
මේවට කමෙන්ට් කරලත් පලයක් නැහැ මරණ දෙක ගැන කනගාටුයි නමුත් මේ වගේ දේවල් කොච්චර උනත් - දැක්කත් දැන් ඉන්න " මෝට බයිසිකල් " කාරයෝ කවදාවත් පාඩමක් ඉගෙනගන්නේ නැහැ ..කාපට් පාරවල්වල මේ ඉන්දියන් ජරාවල්වල නැගල (කාටත් ජපන් ඒවා ගන්න බැහැ එක වෙනම කතාවක් ) යන්නේ කඟ වේන්නු වගේ .වැඩිය ඕන නැහැ මේ අද උදෙත් දෙමටගොඩ කලර් ලයිට් එක ලඟදි මෝඩයෙක් දැම්ම දැමිල්ල්ලක් උගේ වාසනාවට මම ත්ත්පරේකට කලින් මෝඩයාව දැක්කා. නැත්නම් මෙලහකට ඌ මොචරියේ .මම පොලීසියේ !!! අපිත් අවරුදු 20 ක් විතර ලංකාවේ හැමපාරකම වගේ - පාරවල් මෙතරම් හරි නැති කාලවල බයිසිකල් පැදපු "ඉලන්දාරි " කියන්න ආඩම්බරයි හැප්පිලා තියා වැටිලා හීරීමක් වත් වෙලා නැහැ !!!!