
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තරුණයන් දෙදෙනකු පැද වූ යතුරුපැදි දෙකක් අද (5) අලුයම මිරිහාන නව රෝහල මාර්ගයේ කිඹුලාවල ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් දෙදෙනාම මියගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ කෝට්ටේ මිරිහාන මුත්තේට්ටුව පාර පදිංචිව සිටි විශ්ව සෙන්සද දේවන්ත (20) හා කෝට්ටේ මාදිවෙල රාහුල පාර පදිංචිව සිටි මයුර ආලෝක (18) නැමැති තරුණයන් දෙදෙනායි.
යතුරු පැදි දෙක එකනෙක ගැටීමත් සමඟම එක් යතුරු පැදියක් ගිනිගෙන ඇතැයි පොලිසිය කියයි.
සිදුවූ අනතුරින් බරපතල තුවාල ලද එක් තරුණයකු ජයවර්ධනපුර රෝහලටත් අනෙක් තරුණයා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙතත් ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මියගිය විශ්ව නමැති තරුණයා නව රෝහල දෙස සිට කිඹුලාවල දෙසට මාර්ගයේ දකුණු පසට බරව යතුරුපැදිය පදවාගෙන යමින් සිටියදී මියගිය ආලෝක නමැති තරුණයා පදවාගෙන ගිය අංක තහඩු නොමැති අතුරු පැදිය කිඹුලාවල දෙස සිට නව රෝහල දෙසට මාර්ගයේ දකුණු පසට බරව පදවාගෙන යමින් සිටියදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර වී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
442
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
246
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරු පැදි තරඟයෙන් තරුණ ජීවිත දෙකක් විනාශයි
Prabha Monday, 06 May 2024 12:59 AM
හැප්පිලා තියෙන්නේ මූණට මූණලු. ඒත් තරගයක්ලු පොඩ්ඩක් තේරුම් කරනවද?
නිහාල් Monday, 06 May 2024 12:46 PM
පාරේ යන අහිංසක මිනිස්සුන්ගේ ජීවිත අරගෙන නොගිය එක ගැන සතුටුයි...!