(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මත්තේගොඩ නිවාස සංකීර්ණය අසල යතුරුපැදි අලුත් වැඩියා කරන ආයතනයක අද දහවල් ඇතිවූ ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි  මත්තේගොඩ පොලීසිය පවසයි.

ගින්නෙන් කිසිවකුටත් ජීවිත හානියක් සිදුව නොමැති අතර වෙළඳසැල තුළ තිබූ යතුරු පැදි දහයක් විදුලි ජෙනරේටරයක් යතුරුපැදි අලුත්වැඩියා සදහා භාවිතා කරන උපකරණ තොගයක් ඇතුළු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් දේපළ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

ආයතනය තුළ තිබූ යතුරු පැදියක අලුත් වැඩියාවක් සඳහා ඉන්ධන ටැංකිය ගලවා ඉවත් කිරීමට යාමේදී ඉන්  ගින්නක් හටගෙන ඇති අතර ක්ෂණිකව ක්‍රියාත්මක වී ඉන්ධන ටැංකිය බිම දමා එහි හිමිකරු ගරාජයෙන් පිටතට පැන තිබේ.