(ජේ.ඉඳුරුවගේ )

ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සිදු කිරීමට යෝජිත මුහුද ගොඩ කිරීමේ ව්‍යාපෘතිය සඳහාවූ පරිපූරක පාරිසරික බලපෑම් ඇගැයීමේ වාර්තාව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහජන පරීක්ෂාවට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මහ ජනතාවට දෙසැම්බර් 28 දක්වා මෙම ඇගැයීම් වාර්තාව සම්බන්ධයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අදහස් දැක්වීමට හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම වාර්තාව නොවැම්බර් 28 දා සිට දින 30 ක කාලයක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,මධ්‍යම පරිසර අධිකාරිය ,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ,ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය , ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,මහ නගර සභාව සහ ධීවර සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය යන ස්ථානවල මෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ www.coastal.gov.lk වෙබ් අඩවියේ සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි   බසින් මහජන  ප්‍රදර්ශනයට තබා ඇතිබව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ගාල්ල වරාය අංග සම්පූර්ණ වරායක් ලෙස සංවර්ධනය කිරීමේ මෙම  යෝජිත  ව්‍යාපෘතිය මගින් ගාලු බොක්ක සහ වරාය තුළ මීටර් 850 ක් සහ මීටර් 150 ක් වන අක් වෙරළ දියකඩන දෙකක් සමග හෙක්ටයාර 45 ක් වනසේ මුහුද ගොඩ කිරීමට සැලසුම් කර තිබේ.