
බ්‍රිතාන්‍යය යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දීමට තීරණය කිරීමත් සමඟ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අමතමින් අනතුරු ඇඟවීමක් කර තිබේ.
මහා බ්‍රිතාන්‍යය යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලබා දීමක් කළහොත් බ්‍රිතාන්‍යයේ හමුදා ඉලක්කවලට පහර දීමට පසුබට නොවන බව රුසියන් ජනාධිපතිවරයා අනතුරු අගවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දිගු දුර මිසයිල ලැබුණහොත්, යුක්රේන හමුදාවට රුසියාවේ ඉලක්කවලට පහර දීමට හැකිවනු ඇත. මේ වනවිටත් ඇමෙරිකාවෙන් යුක්රේන හමුදාවට දිගු දුර මිසයිල ලැබී ඇතැයි වාර්තා වේ.
රුසියන් ජනාධිපති පුටින් වැඩි දුරටත් පවසා ඇත්තේ, යුක්රේන රුසියන් අර්බුදය උග්‍ර කිරීමට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවල් සමත් වී ඇති බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් මෙයා මැරෙන්න ඉන්නඒකේ ඔක්කොම මරාගෙන මැරෙන්ඩද කොහෙද හදන්නෙ