
(විමුක්ති එස් රුද්‍රිගු)
රුසියාවේ අභ්‍යන්තරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්රේනයට ලබාදුන් සිය අවි භාවිත කිරීමට අවසර දුන් රටවල ඇති හමුදා පහසුකම් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට රුසියාවට අයිතියක් තිබෙන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය ජනාතව අමතමින් පසුගියදා ප්‍රකාශ කළේය.
රුසියානු සමුහාණ්ඩුවේ ආරක්ෂාවට එල්ල වන තර්ජන මත පදනම්ව නවතම මිසයිල පද්ධතියේ හැකියාවන් පරික්ෂා කිරීමෙන් පසුව ප්‍රහාර එල්ල කරන ඉලක්ක පිළිබඳව තීරණයකට එනු ඇතැයි ජනපති පුටින් පැවැසුවේය. රුසියාව සාමයට ප්‍රමුඛ ස්ථානය ලබා දුන්නත් ඉදිරියට පැමිණෙන ඕනෑම තර්ජනයකට පිළිතුරු දීමට රුසියාවට හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය ලබාදුන් මිසයිල වලින් දැනටමත් රුසියාව අභ්‍යන්තරයේ ඇති හමුදා ඉලක්ක වෙත යුක්රේනය ප්‍රහාර එල්ල කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි කිසිම ආයුධයක් දුන්නේ නෑ.
මෙයා අවුරුදු ගාණක් තිස්සේ ඉල්ලන් කන්න දඟලනවා දැන් ඒ ආසන්නෙටම ඇවිල්ලා වගෙයි...!
අපේ අලුත් ඩිජිටල්කරණයෙන් හැදූ ගල්කටස් වගයක් නම් දුන්නා...!
පව්, පුටින් ඉන්නෙත් මහින්ද, ගෝඨාභය හිටියා වගේ අධි තක්සේරුවකින්.