IMG-LOGO

යුක්රේනයේ ගින්නකින් 15ක් මරුට

නැගෙනහිර යුක්රේනයේ කාර්කිව් නගරයේ වැඩිහිටියන් සඳහා වෙන් කරන ලද නේවාසික නිවස්නයක ඇති වූ ගින්නකින් 15 දෙනකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙය වැඩිහිටියන් සඳහා සාත්තු කරන හෙද නිවස්නයක් බවත් එහි පිරිස නේවාසික සිටින බවත් වාර්තා විය.

සෝවියට් සමූහාණ්ඩුවට අයත් ව තිබූ රටක් වන යුක්රේනය දැන් ජනරජයකි. යුරෝපයේ දුප්පත්ම රටවලින් එකක් යැයි කියන යුක්රේනය යල් පැන ගිය සහ දුර්වල සෞඛ්‍ය පද්ධතියකින් පීඩා විඳියි.  

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එය “මහා ඛේදවාචකයක්” යැයි යුක්රේන ජනාධිපති වොලෝදිමීර් සෙලෙන්ස්කි පැවැසීය. ගින්න ඇති වන අවස්ථාවේදී ගොඩනැගිල්ලේ 33 දෙනකු සිටි බව ද යුක්රේන ජනාධිපතිවරයා කීය.

එම නිවස්නයේ දෙවැනි මහලේ මෙම ගින්න ඇති වී තිබේ.

ගින්නට හසුවීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් නවදෙනකු අසල පිහිටි රෝහල්වලට ඇතුළත් කළ බව ගින්න නිවීමේ කටයුතුවලට සම්බන්ධ වූ හදිසි සේවාවල නිලධාරියෙක් පැවැසීය.

ගින්නෙන් පුද්ගලයන් 11 දෙනකු තුවාල ලබා ඇතැයි නගර නිලධාරියෙක් පැවැසීය.

විදුලි හීටරයක් (ඉලෙක්ට්‍රික් හීටර) පමණ ඉක්මවා භාවිත කිරීම හේතුවෙන් මෙම ගින්න ඇති වී ඇතැයි ද එම නිලධාරියා කීය.

මාරාන්තික ගිනි ඇති වීම යුක්රේනය සුලබ තත්ත්වයකි. ආරක්ෂක නියාමන රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ යල්පැන ගිය යටිතල පහසුකම් නිසි පරිදි නඩත්තු නොකිරීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ.

ඔඩේසා නගරයේ පිහිටි උසස් අධ්‍යාපන ආයතනයක 2019 වසරේ දෙසැම්බර් මාසයේ ඇති වූ ගින්නකින් 16 දෙනකු මියගොස් 30 දෙනෙක් තුවාල ලැබූහ.

නොසැලකිල්ල නිසා එම ගින්න ඇති වූ බව පසුව අනාවරණය වූ අතර ඒ හේතුවෙන් එම ආයතනයේ අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට පත්විය.

එම වසරේ ම එම නගරයේ පිහිටි ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් නවදෙනෙක් මරණයට පත්වූහ.
 
ඒ.එෆ්.පී.
055 
 



අදහස් (0)

යුක්රේනයේ ගින්නකින් 15ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 86 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 485 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 254 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site