(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි රුසියාවේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා කටයුතු කළේය.
යුක්රේන ජනාධිපතිවරයා අපරාධමය වරදක් සිදුකර ඇති බවට රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශ වෙබ් අඩවියේ සඳහන් වේ.
සෙලෙන්ස්කිගේ සම්පූර්ණ නම, උපන්දිනය, උපන් ස්ථානය සහ ඡායාරූපයක් රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් අපරාධකරුවන්ගේ ලැයිස්තුවේ ප්‍රදර්ශනය කර ඇත.
නමුත් සෙලෙන්ස්කිගේ නම අපරාධකරුවන්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට ඔහු කළ වරද කුමක්දැයි රුසියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කිසිදු සඳහනක් කර නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද රුසියාවට පක්ෂපාතී නොවීමනෙ. කෙසේවෙතත් රුසියාව සමඟ යුද්ධයට පැටලුන සෙලෙන්ස්කි මෝඩයෙක් නෙවෙයිද? යුක්රේනයට වෙලා තියෙන විනාශයෙන් කවදා කවදා ගැලවෙන්නද කියල හිතාගන්නත් අමාරුයි.
රුසියාවේ ඒකාධිපති, මිනීමරු පුටින්ගේ රජය අපේ මහදැනමුත්තා ගත් තීරණ වලටත් වඩා, මුළු ලෝකයම හාස්‍යයට බඳුන් කරන තීරණයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඔහු විසින් වසර දෙකකටත් වඩා ඉහත දී අසල්වැසි, සාමකාමී රටක් වූ යුක්රේනය සිය අවි බලයෙන් සතියකින් අල්ලා ගන්නා බවට වහසිබස් දොඩවමින් ආක්‍රමණය කළ හැටි ලෝකයට අමතක නැත. 150 000 කට වැඩි රුසියානු සොල්දාදුවන් සංඛ්‍යාවක්, සිය මව්රට බේරා ගැනීමට සටන් වැදි අභීත යුක්රේන හමුදාවට බිලිදී, දහස් ගණන් අහිංසක යුක්රේන සිවිල් වැසියන් අමු අමුවේ සමූල ඝාතනය කර, විශාල දෙපල රැසක් සිය බොම්බ මගින් විනාශ කරපු පුටින් උන්මත්තකයා... සිය මව්රට, පුටින් ත්‍රස්තවාදියාගෙන් බේරාගැනීමට සටන් වැදි වොලොඩොමියර් සෙලෙන්ස්කි. "රුසියානු අපරාධකරුවන්ගේ" ලැයිස්තුවට එකතු කිරීම මොහුගේ පාක්ෂිකයින් පවා සමච්චලයට පත්කර, හෙලා දැක ඇත... මෙවැනි දරුණු අපරාධකාරී උන්මත්තකයින් (පාලකයින්) සමස්ත ලෝක සාමයටම තර්ජනයක් නොවේද?