(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කොළඹ - බෙලිඅත්ත අතර දුම්රිය මාර්ගය කතරගම දක්වා දීර්ඝ කිරීමට අවධානය යොමුවී ඇතැයි ප්‍රවාහන ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද(4) පැවසුවාය.
ඇය මෙසේ පැවසුවේ ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කීපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස්රථ 600ක් මිලදී ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි සඳහන් කළ ඇමැතිවරිය සිසු සැරිය සහ ගැමි සැරිය බස්රථ සේවා වැඩපිළිවෙළ තවදුරටත් දියුණු කිරීමට කටයුතු කරගෙන යන බවද සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන ඒවා යකඩ යක්කු නෙවෙයි. යකඩ ගොඩවල් වෙලා තියෙන්නේ. බෙලිඅත්තේ ඉඳලා මරදානට තව දුම්රියක් දැම්මොත් නරකද? ‘‘පවිත්‍රා කුමාරි‘‘ කියලා....
කතරගම දක්වා දුම්රිය මාර්ගය දිගු කිරීම සදහා 1920 ගනන්වලදී ඉංග්‍රිසී ආන්ඩුවෙන් සකස් කරපු ප්ලෑන් වගයක් 1977 දීත් හම්බන්තොට මිනින්දෝරු කාර්යාලයේදී ලේඛනාගාරයේ අල්මාරියක තිබුණා මට මතකයි.
කැලේ ඉන්න සත්තුටික මරන්න වැඩපිළිවෙළක්ද? දානවානම් උමං දුම්රිය මාර්ගයක් මිස සතුන්ගේ නිදහසට බාධා කරන්න එපා. අර අලි වැට මම වගේ කැලේ ඉඳන් කොටස් කරලා විකුණන්න එහෙම පිඹුරු පත් සකස් කරනවා නොවේ...
කාර්යාල දුම්රිය කතරගම දක්වා දික් කළොත් නම් ගාල්ලෙන් විතර නගින අයට දෙවි පිහිටයි... දැනටමත් සීට් නෑ..
කෝ හලෝ සල්ලි...? තව චීන ණයක්... ටාගට් එක හම්බන්තොට කොළඹ දුම්රිය මාර්ගය.. පෝට් සිටි කටුනායක හම්බන්තොට.. චීන ආයෝජන සුරක්ෂිතතාව... අපට ණය කන්ද...
කතරගම යන්න කළින් අපව අතරමග නොදා වෙලාවට වැඩට යන්න සලස්වන්න.
මැඩම්ගේ පප්පගේ කාලේ කැළණි වැලි දුම්රිය මාර්ගය රත්නපුර දිස්ත්‍රික්කයට පැමිණීම අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් අවසන් කළා.. ඉතින් රත්නපුර දිස්ත්‍රික්කයේ අයට ආසාවකටවත් දුම්රිය ගමන් නැතුව ගියා.. සමහරක් අය නම් කියන්නේ මැණික් ගැරීමට මාර්ගය වැසුවා කියලයි. ඒවා මොනවා වුණත් කැළණිවැලි මාර්ගය අඩුම තරමින් ඔබතුමියගේ ගම දක්වා වත් නැවත සකසා දෙන්න.