
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉන්දියාව අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීම සඳහා ලබා දුන් ණය මුදලින් ඩොලර් මිලියන 750ක් යකඩ ගෙන්වීමට වැය කර ඇතැයි ගෙන යන ප්‍රචාරය නිර්මාණය කළ ප්‍රබන්ධයක් බව මුදල් හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.
ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය නිවේදනයක් දැනටමත් නිකුත් කර ඇතැයිද ඔහු කීවේය.
අලි සබ්රි මහතා මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27 (2) යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
මේ අර්බුද අවස්ථාවේදී කළ යුත්තේ එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීම නොව ප්‍රතිපත්තියක් අනුව කටයුතු කිරීම බව පැවසූ අමාත්‍යවරයා ලෝකයේ ඉන්ධන මිල සියයට 138 කින් ඉහළ ගොස් ඇතැයිද ප්‍රකාශ කළේය.
බදු ගෙවන්නන් ලියාපදිංචිවීම ලක්ෂ දහයකින්ද වැට් බදු ගෙවන්නන් 20,000 කින්ද අඩුවී ඇතැයි අලි සබ්රි මහතා කීවේය.
බදු ගෙවන්නන් මෙලෙස අඩුවීම විශාල ප්‍රශ්නයක් බවද ඔහු පැවසීය .
යුරියා මෙට්‍රික් ටොන් 65000ක් ගෙන්වා ගැනීමට ඉන්දීය රජය සමග සාකච්ඡා ආරම්භ කළ බවත් ණය සඳහා වැඩිම පොලී ගෙවන රට ශ්‍රී ලංකාව බවත් අමාත්‍යවරයා පැවසීය.
ණය සඳහා ගෙවන පොළිය සියයට පනහක් බවද හෙතෙම ප්‍රකාශ කළේය.
රජය බදු ප්‍රතිසංස්කරණ පැකේජයක් හඳුන්වා දුන් බවත් සියලුම ස්ථරයන් එහිදී සැලකිල්ලට ගත් බවත් අමාත්‍යවරයා කීවේය.
ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ පමණක් නොව තවත් රටවල් ගණනාවක පවතින බව පැවසූ අලි සබ්රි මහතා මෙය කොවිඩ් සමග වර්ධනයවූ තත්වයක් බවද අවධාරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ අලි සබ්රි කියන කතාවේ තේරුම? ඊයේ කිව්වේ ආණ්ඩුවේ වැරැදි තීන්දු තීරණ නිසා, බදු අඩුකිරීම, IMF යන්න ප්‍රමාද වුණා කියලා තමයි... අද ආර්ථිකය කඩා වැටිලා කියලා... අද කියනවා කෝවිඩ් සමග මේ තත්වය වර්ධනය වූවා කියලා. නමුත් රජයේ ඇමැති කෙනෙක් ළඟදී කියා තිබුණා... මේ ණය මුදලින් ඉන්දියාවෙන් යකඩ ගෙනාවා කියලා... මෙතන කවුද විශ්වාස කරන්නේ...?
ඔය ප්‍රබන්ධ කතා අපි නිතර අහනවා. ඒ නිසා අපි සමාජ මාධ්‍ය වලින් කියන කිසිම දෙයක් විශ්වාස කරන්නේ නැත...
භාණ්ඩාගාරය කොල්ල කෑම අවභාවිතාව, එම කලු සල්ලි ආයෝජනය වුණු හැටි ජාත්‍යන්තර ආයතන තහවුරු කරනවා. මේවා විශ්වාසය අභිබවා ගිය සත්‍යය. අපි පෝලිමේ යමු. කන්න නැතිනම් කේක් කමු.
පුරවැසිකමක් ගැන රටට බොරු බේගල් කියපු කෙනා ගැන තව මොන කතාද?
ප්‍රබන්ධ, පද පෙරළි, පරිවර්තන ඔක්කොම අපි අහලා ඉවරයි. හැමෝම ආපසු හැරේන් කියලා ගෙදර ගියොත් නරකද? පොදු ජනයාගේ රතු කට්ට පනින කන්ද ඉන්න හදන්නේ..? අන්තිමට වෙන්නේ කාණුපල්ලේ ඉන්නයි.