
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියානු ශාන්තිකර කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
බංග්ලාදේශයේ ඩකා නුවර පැවැත්වුණු 36 වැනි කලාපීය සමුළුවේදී මෙම තීරණයට එළැඹ තිබේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සමුළුවට සහභාගී විය.
ආහාර සුරක්ෂිතතාවය සාක්ෂාත් කිරීමට සහ සැමට ක්‍රියාශීලී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා ප්‍රමාණවත් තරම් උසස් තත්වයේ ආහාර සපයා ගැනීමේ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා ලොව රටවල් 130ක ක්‍රියාකාරීත්වය මෙම සමුළුවට ලබා දෙනු ලබයි.
2024 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සමුළුවට රටවල් 40ක් සහභාගී වීමට නියමිතය.
බංග්ලාදේශයේ කෘෂිකර්ම අමාත්‍ය ආචාර්ය මුහම්මද් අබ්දුල් රසාක් මහතා සහ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් ද මෙම සංචාරයේ දී සිදු කෙරුණු අතර දෙරට අතර බෝග හුවමාරුව,කෘෂි තාක්ෂණය හුවමාරුව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද අත්සන් කෙරුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මෙහිදී ලෝක ආහාර සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් කිව් ඩොන්ගිව් මහතා සමඟ ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තය නගා සිටුවීම පිළිබඳ සාකච්ඡාවක් ද පැවැත්වුණු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත්ගමගේ කියන්නේ උගත්, දක්ෂ ජනතාවාදී ඇමැති කෙනෙක්...
සමුළුවට එන පිරිසට ආහාරත් රැගෙන එන්න වේවිද...?
සමුළුවට එන කට්ටියගේ අතේ ගෑස් ටැන්ක් එක දීලා පෝලිමේ තියන්න ඕනේ... එතකොටයි කන්න දෙන්නේ කියා....!
උග්‍ර ආහාර හිඟයක් පවතින රටක් කුමට තෝර ගත්තාද?