(විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සම්මත කළ නීති ප්‍රමාණයට වඩා වැඩි පනත් ප්‍රමාණයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය මාස 18 ක පාලන කාලයේදී සම්මත කර ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත් කළ නව වාර්තාවේ දැක්වේ.

දූෂණය හා වංචාව මෙරටින් තුරන් කිරීමටත්, වඩාත් හොඳ රාජ්‍ය පාලනයක් ඇති කිරීමටත් මෙරට ජනතාව අවස්ථාවන් දෙකකදී ඡන්දය ලබාදුන් බවත් එහිදී එක් අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වූ අතර අනෙක් අවස්ථාවේදී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වූ බවත් එම ආයතනය පැවැසුවේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය දින 126ක පාලන කාලයේදී පනත් කෙටුම්පත් 54ක් ගැසට් කර පනත් කෙටුම්පත් 48ක් සභාගත කර ඇති බවත් ඉන් පනත් 20 ක් සම්මත කරගෙන ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය දින 136ක පාලන කාලෙය්දී පනත් කෙටුම්පත 50ක් ගැසට් කර පනත් කෙටුම්පත් 43ක් සම්මත කර ඇති බවත් ඉන් පනත් 32ක් සම්මත කරගෙන ඇති බවත් එම ආයතනය පැවැසුවේය.

කෙසේ නමුත් ජනාධිපතිවරුන් දෙදෙනාගේ පළමු මාස හයක කාලය සළකා බලනවිට වැඩිම පනත් ප්‍රමාණයක් සම්මත කරගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද එම වාර්තාවේ සඳහන් වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින 41ක සිය පාලන කාලයේදී පනත් කෙටුම්පත් 17 ගැසට් කර 16ක් සභාගත කර ඇති බවත් ඉන් පනත් 6ක් සම්මත කරගෙන ඇති බවත් එහි දැක්වේ.