(රෝෂන් තුෂාර)

මත්පැන් නිෂ්පාදනය කර බෙදා හැරී ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගම රජයට අහිමි කළේ යැයි කියන රුපියල් 1035 473 988 ක වැට් බදු මුදල් රජයට යළි ගෙවා නිම කරන්නේද? නැද්ද? යන්න පිළිබඳව ජුනි මස 25 වැනි දින දැනුම් දෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා එම සමාගමේ විත්තිකාර අධ්‍යක්ෂකවරුන්ට අද නියෝග කළේය.

විත්තිකාර මත්පැන් සමාගමේ අධ්‍යක්ෂකවරුන්වන අර්ජුන ජෝසප් ඇලෝසියස් හා රන්දෙව් දිනේෂ් ජෝෂප් විත්තිකරුවන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ කොළඹ මහාධිකරණයේ පවතින නඩු කටයුත්තක් හේතුවෙන් විත්තිකරුවන්ට මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බැවින් වෙනත් දිනයක් නියම කරන ලෙසය.