(බී ජී චතුරංග)

මැද පෙර දිග ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය නිසා  ශ්‍රී ලංකාවට ගුවන් වාර 768ක් අවලංගු වී ඇතැයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

මුළු ලෝකයම බල පෑමට ලක්ව ඇති මෙම තත්වය හේතුවෙන් මෙරට ඉහළම සංචාරක වෙළඳපළ ඉන්දියාව වන බවත් ජපානය , චීනය , ඔස්ට්‍රේලියාව , ඇමරිකා එක්සත් ජනපදය වැනි සංචාරක වෙළඳපොළවල් හොඳින් මෙරට ක්‍රියාත්මක වන බවත් මේ වන විට සියයට 30ක සංචාරකයන්ගේ අඩුවක් පවතින බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ඉකුත් 13දා උතුරු මැද පළාතේ සංචාරක කර්මාන්තය ඉහල නැංවීමේ අරමුණින් අනුරාධපුර දී පැවති විශේෂ සාකච්ඡාවක් කින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි. ඒ මහතා මෙසේ ද පැවැසීය.

මෙම වසර සඳහා සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීම සඳහා මෙම වසර සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති සියයට සියක්ම සාර්ථක කර ගැනීම සංචාරක අමාත්‍යාංශයේ අරමුණ වෙනවා.

එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් ආයතන අතර ඒකාබද්ධතාවයකින් ක්‍රියාත්මක නොවීම ඇතැම් ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට බාධාවක්. 

අපේ සංස්කෘතික උරුමය කේන්ද්‍ර කරගත් අනුරාධපුරේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක දෙක තුළ එම උරුමයන් පිළිබඳව විදේශකයන්ට නැරඹීමට අවස්ථාව ලබා දෙනවා. 

කෘෂිකර්මාන්තය කේන්ද්‍රගත් සාම්ප්‍රදායික ගම්මාන මූලික කර ගනිමින් ඒ පිළිබඳව අත්දැකීම් ලබාගත හැකි ක්‍රියාකාරකම් මගින් සංචාරක ප්‍රවර්ධනයන් ඇති කිරීම සංචාරක අමාත්‍යාංශයේ අරමුණ වෙනවා.