(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරිණ

පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කමිටු අංක 02 කාමරයේ දී පැවැත්විණි.

ඒ අනුව   බී.එම්. රසීල් මහතා සංගමයේ නව සභාපතිවරයා ලෙස පත්විය.

එම්.අයි.එම්. ෆාසි මහතා උප සභාපතිවරයා ලෙසද   සී. මනිමාරන් මහතා නව ලේකම්වරයා ලෙසද   එම්.ටී. සෙයිනුර් රිෆා මහතා  භාණ්ඩාගාරික ලෙසද තෝරා පත් කරගනු ලැබූහ

ඩී තුලාංකනි මෙනෙවිය පාර්ලිමේන්තු කථා පරිවර්තකයන්ගේ සංගමයේ නව  සහකාර ලේකම් ලෙසද  එම්. මයුරේෂන් සහ ඒ.ඒ.එස්. සෆායා යන මහත්ම මහත්මීහු විධායක කමිටු සාමාජිකයන් ලෙසද  තේරී පත්වූහ

අභිනවයෙන් තේරී පත් වූ නිලධාරී මණ්ඩලය, ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක නීතිඥ සී.ජේ. කරුණාරත්න  සහ නියෝජ්‍ය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තකයන් වන ඒ.ජී.එම්. ෆික්රි  , ඒ. සරවනභවානන්දන්  සහ එන්.බී.සී.ජේ. නිස්සංග යන මහත්ම මහත්මීන් සමග සමග  සමූහ ඡායාරූපයකටද   පෙනී  සිටියේය