(නිමල කොඩිතුවක්කු)

වෙළඳපොළේ මාලු  මිල ගණන් යළිත්  ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව සිල්ලර වෙළඳපොළේ කෙලවල්ලා රුපියල්  2400 කටත්, තලපත් රුපියල් 2800 ක්,  පරා රුපියල් 2200 ක්, හැඩැල්ලා රුපියල් 1900 කටත්, හුරුල්ලා රුපියල් 1400කටත්, සාලයා රුපියල් 950 කටත්, ලින්නා රුපියල්  1100 කටත්, අලගොඩුවා 1400 කටත්, ඉස්සා රුපියල් 2300 කටත් කිලෝව අලෙවි වන බවද ඔව්හු පවසති.

මේ අතර පෑළියගොඩ මතස්‍ය වෙළඳපොළේ මාලු තොග මිල ගණන්ද පසුගිය දිනවලට සාපේක්ෂව තරමක් ඉහළ අගයක් ගෙන ඇති අතර කෙලවල්ලා රුපියල් 1800 කටත්, තලපත් රුපියල් 1900 කටත්, බලයා 800 කටත්, පරා 1500 කටත්, හුරුල්ලා රුපියල් 1000 කටත්, සාලයා රුපියල් 600 කටත්, ලින්නා රුපියල් 650 කටත්  කිලෝවක් අලෙවි වූ බවද ඔව්හු පවසති.