(අංජුල මහික වීරරත්න)

මොළ හතේ මුදල් ඇමති කිසිදු ආර්ථික දැනීමක් නැති ඉතිහාසයේ අසාර්ථකම මුදල් ඇමති ලෙස ඉතිහාස පොතට එක් වීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ලෝකයේ අනෙකුත් රටවල්  අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේදැයි සැලසුම් සකස් කරමින් සිටින නමුත් ලංකාවේ ආණ්ඩුව එවැනි  කිසිම අර්බුදයකට සුදානම් වෙන බවක් පෙනෙන්නට නැතැයි ද විජයවර්ධන මහතා කීය.

ආණ්ඩුව කටයුතු කරන්නේ  අර්බුදයක් ඇති නොවෙන ගානට නමුත් ලංකාව මේ වන විට බංකොලොත් වෙමින් යන රටක් බවට  ලෝක ආර්ථික දර්ශක පෙන්වා දී තිබෙන බවද නියෝජ්‍ය නායකයා සඳහන් කළේය.