IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


“මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශය එළිදුටු දා...

(ඩයනා උදයංගනී)

රටෙහි පවතින වත්මන් ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂ 11ක් විසින් සකසන ලද යෝජනාවලිය ඇතුළත් “මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශනය එළිදැක්වීම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී අද (2)  සිදුකෙරිණි

ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්‍ෂ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,  ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, යුතුකම ජාතික සංවිධානය යන දේශපාලන පක්ෂ 11 විසින් සකසන ලද මෙම ප්‍රකාශනයෙහි යෝජනා 10ක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකාව අත්විඳිමින් සිටින්නේ විවෘත ආර්ථික සංවර්ධන ආකෘතියේ දරුණුතම අවපාතයක ප්‍රතිඵල බවත්, කෙටිකාලීනව එම අර්බුදයට මුහුණ දෙමින්, දීර්ඝකාලීනව මෙරට ආර්ථිකයේ පදනම ශක්තිමත් කෙරෙන හා බහුතරයක් ජනතාවට ආර්ථික ඉඩප්‍රස්තා සලසමින් සමාජ සාධාරණත්වය තහවුරු කෙරෙන ආර්ථික ආකෘතියක් නිර්මාණය කළ යුතුව ඇති බවත් මෙම පක්‍ෂ පවසයි.

වත්මන් දුෂ්කර අවස්ථාව අභියෝගයක් සේ සලකා, එය ජයගැනීම උදෙසා වන යෝජනාවලියක් මෙසේ ඉදිරිපත් කරන බව ද එම පක්‍ෂ නායකයෝ පවසති.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, එහි හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, අසංක නවරත්න යන මහත්වරු සහ විජය ධරණි ජාතික සභාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද මෙම අවස්ථාවට සහභාගී වෙති .

විද්වත, වෘත්තිකයෝ, කලාකරුවෝ ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (9)

“මුළු රටම හරි මඟට” ජාතික ප්‍රකාශය එළිදුටු දා...

Prabha Wednesday, 02 March 2022 05:49 PM

ඊළඟ ඡන්දෙට පොලොන්නරුවේ නයි බණ්ඩාව ඉස්සර කරගෙන එන්න යන හැඩකුයි පේන්නේ..!

:       1       23

ජයන්ත Wednesday, 02 March 2022 06:07 PM

මුළු රටම මහ මග...!

:       0       39

සිරිබිරිස් Wednesday, 02 March 2022 06:09 PM

ඒක දැක්කාම හිනා නම් ගියා. හැබැයි කටින් නං නෙවෙයි...

:       0       32

siri Wednesday, 02 March 2022 06:23 PM

මිනිස්සු නැවතත් මුලා කරන්න හදන වීයමක් රටට ඇහුණා... ඉරණමට මේ ඔක්කොම වගකිව යුතුයි..

:       0       41

fairoos Wednesday, 02 March 2022 06:37 PM

රට හරි මගට ගන්න යන නියම සෙට් එක... එතකොට සර් ෆේල්ද? 

:       1       33

සමන්ත Wednesday, 02 March 2022 06:37 PM

​මේ අර කිසි දෙයක් හරියට කරගන්න බැරි, කිසි කෙනෙක් ගණන් නොගන්න, බහුතරයක් ගොන්නු වුණු, ලෝකෙටම එපාවුණු පට්ට හොරු සෙට් එකමනේ... මෙයාලා දන්න එකම හරි මග, හතර වටේ ඥාති සංග්‍රහය සහ හොරකම් විතරයි. අනිවාර්යයෙන්ම 2015 වගේ රාජපක්ෂලා පිටිපස්සේ හැංගිලා ඇති. ඒක තමයි ගේම් ප්ලෑන් එක...

:       0       34

Surain Wednesday, 02 March 2022 06:46 PM

නම් වෙනස් කරන් ආවත් යකා වෙනස් වෙන්නේ නැහැ... එන්නකෝ බලන්න ඊළඟ ඡන්දෙට... ආයේ නොඑන්න කතිරෙන් උත්තර දෙන්න අපි ලෑස්තිවෙලා ඉන්නවා...

:       0       39

Dasa P Wednesday, 02 March 2022 07:24 PM

හොරු හිතන් ඉන්නේ...!

:       0       29

duplicate Ralahami Wednesday, 02 March 2022 08:04 PM

මේ අර 20ට අත උස්සපු කවටයෝ ටික නේද කටුස්සෝ පාට මාරු කළාට වෙනස් වෙන්නෙත් නැහැ.. අහුවෙන්නෙත් නැහැ. මෙදාපාර කොසු, ඉදල් වලින් තමයි තමයි අපි පූජාව පටන් ගන්නේ...

:       1       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 508 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site