(සමන් කේ. ගමගේ)

අනුරාධපුර, මරදන්කඩවල පොලිස් බලප්‍රදේශයට අයත් මරදන්කඩවල නගරයේදී අද උදෑසන 10.35 ට පමණ සිදු වූ දරුණු රිය අනතුරකින් මව සහ පුතු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මරදන්කඩවල පොලිසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ තිරප්පනේ  පිත්තල කොන්ඩෑරුමකරඹේ ගමේ පදිංචිව සිටි 47 හැවිරිදි සාලින්ද ගෙදර දිල්කි මදුෂානි ගුණසිංහ සහ ඇගේ පුතු වන 24 හැවිරිදි රත්නායක මුදියන්සේලාගේ නිකේෂ් රුවන්ත දිල්ෂන් නැමැති අයයි.

මියගිය තරුණයා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි සරසවි ශිෂ්‍යයෙකි.

දඹුල්ල ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව තිබූ ඥාතියකුගේ අවමංගල්‍ය උත්සවයක් සඳහා ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.