
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳ සංකීර්ණය වෙත ඉකුත් දින කීපය තුළ මාළු මිලදී ගැනීම සඳහා ගිය කළුතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් වෙතොත් නොපමාව ඉදිරිපත් වී සෞඛ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.
මේ වන විට එම මත්ස්‍ය තොග වෙළෙඳ වෙළඳ සංකීර්ණය කොරෝනා ආසාදිත රෝගීන් 49 දෙනකු වාර්තා වීමත් සමඟම එම වෙළඳ සංකීර්ණය පෙරේදා 21 සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගැනිණි.
පදිංචි ස්ථානයේම රැඳී සිට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වෙත හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දුරකථනය හරහා හෝ ඒ බව දැනුම් දීමට පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කළුතර විතරක්?. අනිත් අය ලංකාවේ නොවේද?