(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
කාලාන්තරයක් තිස්සේ පදිංචිව සිටියත් ඇඹිලිපිටිය වලව බලප‍්‍රදේශයේ මහවැලි කලාපවල පදිංචිකරුවන්ට සිය ඉඩම්වලට ඔප්පු හෝ බලපත‍්‍ර නැති නිසා ඒ ඉඩම් සදහා හිමිකම්පත‍්‍ර මාස හයක් ඇතුළත ඒවා ලබාදෙන ලෙස නියෝග කර ඇති බව කෘෂිකර්ම හා මහවැලි සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා අද (15) ඇඹිලිපිටියේදී පැවසීය.
රත්නපුර දිස්ත‍්‍රික්කයට ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින ජානක වක්කුඹුර හිටපු රාජ්‍ය අමතාවරයාට ආධාර පිණිස පිහිටිවූ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරමින් ඇමතිවරයා මේ බව පැවසීය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම හා මහවැලි සංවර්ධන අමාත්‍ය චමල් රාජපක්ෂ කීය.
'ඇඹිලිපිටිය ප‍්‍රදේශය මහවැලි කලාපයට අයිති ප‍්‍රදේශයක්. නමුත් කාලාන්තරයක් තිස්සේ ජීවත්වන ජනතාවට හිමිකම් ඔප්පු සහ බලපත‍්‍ර නෑ. ඒ නිසා ඇමතිවරයා ලෙස මම නියෝග කරලා තියනවා මහවැලි ඉඩම්වල පදිංචි සියලූම දෙනාට මාස හයක් ඇතුළත ඒ අවශ්‍ය බලපත‍්‍ර සහ ඔප්පු ලබාදෙන ලෙස. මේවා තමුන්නාන්සේලාට තියන ගැටලූ සහ ප‍්‍රශ්න ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමාට තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය තුනෙන් දෙකක බලයක් සහිත ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දෙන්න ජනතාව අද තීරණය කරලා තියනවා. රත්නපුර දිස්ත‍්‍රික්කයේ දැන් ආණ්ඩුවට ඉන්නේ මන්ත‍්‍රීවරු හතයි. මේ මැතිවරණයෙන් තවත් එක්කෙනෙක් වැඩි කරලා ඒ කියන්නේ පොහොට්ටුවට මන්ත‍්‍රීධූර අටක් පාර්ලිමේන්තුවට ලබාදිය යුතුයි.
ජනාධිපතිතුමා ගත්ත තීන්දු තීරණ නිසා අද අපි නිරෝගීව ඉන්නවා. එහෙම නැත්නම් අද බොහෝ දෙනෙක් ජීවතුන් අතර නෑ. ඉන්දියාවට අද කොරෝනා රෝගය පාලනය කර ගන්න බැරි වෙලා. නිවැරදි තීරණ නිසයි ලංකාවට මේ රෝගය මර්දනය කළ හැකි වුණේ. පක්‍ෂ භේදයකින් තොරව හැම කෙනෙක් ම ඒක අගය කරනවා. ඒකත් අපේ ජයග‍්‍රහණයක පෙර නිමිත්තක්.
අපි අපේ තරුණ පුරපුර ගැන හිතන්න ඕනෑ. ඒ වගේම නායකත්ව අර්බූදයකට ලක්ව ඇති එක්සත් ජාතික පක්‍ෂයේ සමාජිකයන් අද දෙකට බෙදිලා, අතරමං වෙලා. අපි ඒ අයව දිනා ගැනීමේ වැඩපිළිවෙළක් සැකසිය යුතුයි 'යැයිද පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණ්ඩු ගුණ්ඩු අහුවෙන්න එපා.. අනික මේගොල්ලෝ මේපාර ආයේ නොඑන්නම පරදිනවා. මිනිස්සු කැමති නැහැ. මිලිටරි ආණ්ඩුවලට...
නොමිලේ පෝර දුන්නා වගේද?
මේ අහිංසක මිනිසුන්ට මේ දේ ලැබෙන ඒක හොඳයි.. ඒත්, සිරිසේන දුන් ශිෂ්‍යත්වවලට මෙන් මැකෝ මේකට ඉඩදුන්නේ මන් නොදැනේ... මේක මැතිවරණ නීතියට පටහැනි නැද්ද මැකෝතුමෝ? දන්නේ නැති කමටයි අහන්නේ...
ඡන්දෙ කිට්ටුවෙනකොට පුලුවන් තරම් ඔබගේ අයිතිවාසිකම් දිනාගන්න බලන්න. මොකද ඡන්දෙන් කවුරු දිනුවත් ඔබව අමතක වෙනවා.
මේක අමුතුවෙන් සිදුවෙන ක්‍රියාවක් නොවෙයි. M.C.C ගිවිසුම හරහා සිදුකළ යුතුව තිබූ හොඳ වැඩපිළිවෙලක්. මේ රජයේ ඉඩම්ලාභීන්ට එම ඉඩම්වල සින්නක්කර භුක්තිය ලැබුණොත්, විදේශීය සමාගම්වලට විකිණිය හැකි යයි එදා කියපු ඒ සමාජයට මුදාහල මතය අද කෝ..? තක්කඩියන්ට අවශ්‍ය ලෙස, අර්ථකතන දෙන අමනයින්ගෙන් පිරුණු සමාජයක් නේද මේ? මේ රටේ මිලේච්ජයින්ට ගැලපෙන්නේ ඉඩිඅමීන් පාලනයක්... අන්න එතකොට තමයි නිතර බුරන සත්තු ටික නැට්ට බඩ අස්සේ ගහගෙන ජීවත් වෙන්නේ.
ඔන්න ඔය ගාණට තමයි මේ හැමෝම මිනිස්සු ගැන හිතන් ඉන්නේ. බල්ලන්ට මස්කටු විසි කරනවා වගේ සොච්චම් බලාපොරොත්තුවක් විසිකරලා ඡන්ද ටික ගත්තම ආයෙ පැත්ත පළාතක නෑ.. අප්‍රසන්නයි .