
(රෝෂන් තුෂාර)
නිවාස අධිකාරියට අයත් කොම්පඤ්ඤවීදියේ මහල් නිවාසයක් ලබාදෙන බවට පවසා රුපියල් 1950 000.00ක් ( දහනම ලක්ෂ පනස් දාහක මුදලක් ) වංචා කිරීමේ චෝදනාවන්ට වරදකරු කළ ගල්කිස්සේ පුද්ගලයෙකුට වසර හයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඊයේ (02) නියම කළේය .
අසරණ පුද්ගලයින් රවටා මුදල් වංචා කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුට සමාජයට ආදර්ශයක් විය හැකි වන පරිදි උපරීම දඩුවම් ලබාදෙන ලෙසට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් කළ කරුණු දැක්වීම් වලින් පසුව මෙම තීන්දුව නිකුත් කළේය.
ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි අශෝක සිසිර කුමාර නමැති විත්තිකරුට මෙම දඩුවම් නියම කළ අතර අගතියට පත් පැමිණිලිකාරියට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය.
රුපියල් දහනම ලක්ෂ පනස් දාහක මුදලක් වංචා කිරීම, සාපරාදී සාවද්‍ය පරිහරණය හා රජයේ ලේඛන බවට අඟවෙමින් කූඨ ලේඛන ඉදිරිපත් කිරීමේ චෝදනාවට වසර දෙක බැගින් මෙම දඩුවම් නියම කළ මහේස්ත්‍රාත්වරයා වින්දිත තැනැත්තියට අදාළ වන්දිය නොගෙවන්නේ නම් මාස හයක ලිහිල් සිර දඬුවමක් හිමි විය යුතු බවට ද නියෝග කළේය.
පැමිණිල්ල වෙනුවෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ පොලිස් සැරයෙන් (41056) කුමරසිරි මහතා හා පොලිස් කොස්තාපල් (91896) මදුශාන් මහතා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරු අදාල නිවසේ ලබා දෙන බවට පවසා නිවාස අධිකාරියේ ලේඛන බවට අඟවා ව්‍යාජ ලේඛන සහ නිවසේ යතුරද අගතියට පත් තැනැත්තියට ලබා දී ඇති බවය. 2021 වසරේ සිට සිදු කළ දීර්ඝ නඩු විභාගයකින් පසුව විත්තිකරු වරදකරු බවට අධිකරණය මගින් තීන්දු කොට ඇති බැවින් උපරිම දඬුවම් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.
විත්තිකරුවන්ට කුඩා දරුවෙකු සිටින බැවින් යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදෙන ලෙසට ඔහුගේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා යළි සමාජගත වීම හැකි දඬුවමක් ලබා දෙන ලෙසට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් චෝදනා තුනට වසර දෙක බැගින් වසර හයක සිර දඬුවම් නියම කරන බව තීන්දු කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd