(ඉන්දිකා රාමනායක)
බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලින් වැටී සිසුවකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ බොරැල්ල මැගසින් පාරේ පදිංචි (16) හැවිරිදි පාසැල් සිසුවෙකි.
මෙම සිසුවා ඊයේ (13)දහවල් මවට නොදන්නා නිවසින් මහල් නිවාසය වෙත පැමිණ ඇති අතර, ඔහු නිවසේ නොමැති බව දැන ගත් මව, ඔහු නිතර යන එන ඉහත මහල් නිවාසයක නිවස වෙත පැමිණ සිසුවාට කතා කර ඇති බව පොලිසිය පවසයි.
මවගේ කතා කතාකිරීමෙන් කලබලයට පත් සිසුවා හා එම නිවසේ පිටුපසට ගොස් දිවගොස් එහි බිත්තියේ සවි කර ඇති සිමෙන්ති ග්‍රිල් මතින් පහලට බසිමින් සිටියදී මෙලෙස ඇද වැටී ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන කතාවක් වගේ වෙලා තියෙන්නෙ.