IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


මහර මහ යුද්ධයෙන් මරණ 6යි-රැඳවියන් 35කට තුවාල

මහර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පලා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් මිය ගිය රැඳවියන් ගණන 6 දක්වා ඉහළ ගොස් ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.

සිදුවීමෙන් තවත් රැඳවියන් 35දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

ඊයේ රාත්‍රී 7.30 වන විට බන්ධනාගාරය ඇතුළත ගින්නක් පැවැති අතර මේ වනවිට ගින්න පාලනය කර තිබේ.

පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වනවිට එහි තත්වය පාලනය කිරීම සඳහා යොදවා ඇති අතර,  නාවික හමුදාවද මහර බන්ධනාගාරය අසළට කැඳවා තිබේ.

තුවාල ලැබූ රැඳවියන් රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගොන ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.

(ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා) 



අදහස් (3)

මහර මහ යුද්ධයෙන් මරණ 6යි-රැඳවියන් 35කට තුවාල

සමිත සේනක අලුත්ගමගේ. Monday, 30 November 2020 03:14 AM

රටක ජනතාවගේ නිදහසට හා සමාජ පැවැත්මන් වනසා දමන, රටේ නීති පද්ධතිය අනුව කටයුතු නොකරන යම් පුද්ගලයකු හා කණ්ඩායම් වලින් රටේ සාමකාමී ජනතාවට හා ඔවුන්ගේ පැවැත්මට හානි පැමිණෙන විටෙකදී, පොදු යහපත උදෙසා ඒවත් නීතිගරුක නොවන මිනිසුන්, පිළිගත් අධිකරණ සම්ප්‍රදායකට අනුව, සාමාන්‍ය මිනිස් සමාජයෙන් වෙන්කොට තැබීම සිදුකරනවා. මෙය සිරගත කිරීම ලෙස හඳුන්වනු ලබනවා. කෙනෙකු සිරගත කරනුයේ බොහෝවිට ඔහු වැරදි කරුවෙකු නිසාවෙනි. එවන් ඔහුට රටේ සාමකාමී පුරවැසියෙකුට හිමිවන සියලු දේ ලැබෙන්නේ නැහැ. එය ඔහුට ලැබී තිබෙන දඬුවම් වලට අයිති දෙයක්. සිවිල් සමාජයට හානි ගෙනෙනා ඔවුන්ට දඬුවම් කිරීම වර්තමානයේ වරදක් සේ දැකීමට සමහර දෙනා පුරුදු වෙමින් සිටිනා බව පෙනීයනවා. සිරගෙදරින් පැනයාම විශාල වරදක්. මෙසේ සිරකරුවන් පැන ගියහොත් දඬුවම් විඳිය යුත්තේ අදාළ නිලධාරීන්ය. එබැවින් ඔවුන් ඊට නිසි පිළිතුරු දෙනවා. මේ වෙනුවෙන් සිරකරුවන් වෙනුවෙන් පෙනීසිටින සංවිධානය හා නිසි දැනීම නොමැති කොටස් හඬක් නඟාවි. ඒත්, ඔවුන් කළයුතු වන්නේ සිරකරුවන් නිසි මඟට ගැනීමේ ක්‍රමයක් ක්‍රියාවට නැඟීමයි. එහෙත්, ඔවුන් කරන්නේ ඉරිසියාවට පුවක් බඩ කනවා වැනි දේය. එයින් සිදූවනුයේ තවත් විනාශයකි.

:       0       0

Raveendra Monday, 30 November 2020 03:52 AM

කෝ අපේ මේ වස්ත්‍ර කරට අරගෙන කෑමොර දෙන NGO කාරයින්? බන්ධනාගාරයේ සිටින සිල්වත් පින්වත් නිරායුධ අහිංසකයින්ට වෙඩි තිබ්බෝ.. ඔක්කොම හිමිකම් උල්ලංගනය කළෝ.... කෝ?

:       0       0

එම්.ඒ.ජේ Monday, 30 November 2020 05:33 AM

සිර කරුවන්ද මනුෂ්‍යයෝය, පවතින වසංගතය හමුවේ, රටේ ඕනෑම තැනක, ඕනෑම රට වැසියෙකු වසංගතයට ගොදුරු විය හැක. සියලුම දෙනාට රෝග බිය ඇත! රජයට සිර ගෙදර පවා ආරක්ෂා කරගැනීමට නොහැකිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 505 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1679 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site