
මහර බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පලා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් මිය ගිය රැඳවියන් ගණන 6 දක්වා ඉහළ ගොස් ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.
සිදුවීමෙන් තවත් රැඳවියන් 35දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
ඊයේ රාත්‍රී 7.30 වන විට බන්ධනාගාරය ඇතුළත ගින්නක් පැවැති අතර මේ වනවිට ගින්න පාලනය කර තිබේ.
පොලිස් කණ්ඩායම් කිහිපයක් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වනවිට එහි තත්වය පාලනය කිරීම සඳහා යොදවා ඇති අතර, නාවික හමුදාවද මහර බන්ධනාගාරය අසළට කැඳවා තිබේ.
තුවාල ලැබූ රැඳවියන් රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගොන ඇති බවද පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.
(ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටක ජනතාවගේ නිදහසට හා සමාජ පැවැත්මන් වනසා දමන, රටේ නීති පද්ධතිය අනුව කටයුතු නොකරන යම් පුද්ගලයකු හා කණ්ඩායම් වලින් රටේ සාමකාමී ජනතාවට හා ඔවුන්ගේ පැවැත්මට හානි පැමිණෙන විටෙකදී, පොදු යහපත උදෙසා ඒවත් නීතිගරුක නොවන මිනිසුන්, පිළිගත් අධිකරණ සම්ප්‍රදායකට අනුව, සාමාන්‍ය මිනිස් සමාජයෙන් වෙන්කොට තැබීම සිදුකරනවා. මෙය සිරගත කිරීම ලෙස හඳුන්වනු ලබනවා. කෙනෙකු සිරගත කරනුයේ බොහෝවිට ඔහු වැරදි කරුවෙකු නිසාවෙනි. එවන් ඔහුට රටේ සාමකාමී පුරවැසියෙකුට හිමිවන සියලු දේ ලැබෙන්නේ නැහැ. එය ඔහුට ලැබී තිබෙන දඬුවම් වලට අයිති දෙයක්. සිවිල් සමාජයට හානි ගෙනෙනා ඔවුන්ට දඬුවම් කිරීම වර්තමානයේ වරදක් සේ දැකීමට සමහර දෙනා පුරුදු වෙමින් සිටිනා බව පෙනීයනවා. සිරගෙදරින් පැනයාම විශාල වරදක්. මෙසේ සිරකරුවන් පැන ගියහොත් දඬුවම් විඳිය යුත්තේ අදාළ නිලධාරීන්ය. එබැවින් ඔවුන් ඊට නිසි පිළිතුරු දෙනවා. මේ වෙනුවෙන් සිරකරුවන් වෙනුවෙන් පෙනීසිටින සංවිධානය හා නිසි දැනීම නොමැති කොටස් හඬක් නඟාවි. ඒත්, ඔවුන් කළයුතු වන්නේ සිරකරුවන් නිසි මඟට ගැනීමේ ක්‍රමයක් ක්‍රියාවට නැඟීමයි. එහෙත්, ඔවුන් කරන්නේ ඉරිසියාවට පුවක් බඩ කනවා වැනි දේය. එයින් සිදූවනුයේ තවත් විනාශයකි.
කෝ අපේ මේ වස්ත්‍ර කරට අරගෙන කෑමොර දෙන NGO කාරයින්? බන්ධනාගාරයේ සිටින සිල්වත් පින්වත් නිරායුධ අහිංසකයින්ට වෙඩි තිබ්බෝ.. ඔක්කොම හිමිකම් උල්ලංගනය කළෝ.... කෝ?
සිර කරුවන්ද මනුෂ්‍යයෝය, පවතින වසංගතය හමුවේ, රටේ ඕනෑම තැනක, ඕනෑම රට වැසියෙකු වසංගතයට ගොදුරු විය හැක. සියලුම දෙනාට රෝග බිය ඇත! රජයට සිර ගෙදර පවා ආරක්ෂා කරගැනීමට නොහැකිද?