
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර බන්ධනාගාරයේ ඇති වූ වෙඩිතැබීමේ සිදුවීමෙන් බරපතළ තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුළත් කළ රැඳවියන් 61දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව රාගම මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.
ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් රැඳවියන් 69 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, එයින් 8 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඒ මහතා කීවේය.
සෙසු රැඳවියන් 61දෙනා කොරෝනා ආසාදිත බැවින් විශේෂ ඒකකයක රඳවා ඇති බවත්, ඔවුන් අතරින් 10දෙනෙකුගේ තත්වය බරපතල බවත්, ඇතැම් රැඳවියන් ශල්‍යකර්මවලට යොමුකරමින් සිටින බවත් ඔහු කීය.
කලහයට මැදිවූ එක් රැඳවියෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ද ඒ මහතා පැවසීය. මේ හේතුවෙන් රාගම රෝහල ඒ අවට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ආරක්ෂාව දැඩිකර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 187දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙනම ප්‍රදේශයක පිහිටි වෙන් කරන ලද විශේෂිත ස්ථානයක් වෙත රැගෙන ආ බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඔවුන් සියලු දෙනාද කොරොනා ආසාදිතයන් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ අය කොරෝනා ගණනටමද? සර් නම් නියමයි.
කොරෝනා හැදුණා මදිවට කාපියව් වෙඩිත්... කිව්වලු...
වැඩ බැහැ කියලා විහිලුවට කිව්ව එක මෙච්චර සීරියස් ගනී කියලා හිතුවේ නැහැ සර්!!
හරි හරි. සර් හදලා තියෙන්නේ කොරෝනා මර්ධනය කරන්න. කවුද කියන්නේ සර් ෆේල් කියලා. සර් උඩින්ම පාස්...
මිනිස්සු කොච්චර කිව්වද ගෝඨා ආවොත් මිනී මරනවා කියලා. ඒත් අපි හිතුවේ නැහැ... මේ තරමටම තිරිසන් කියලා. හැම තැනම මර්දනය. දැන්වත් මේ අපරාදකාරයින්ව පන්නන්න ඕනේ.
ඒකත් හොඳ වැඩක්. දැන් මින් ඉස්සරහට ආයුධ පෙන්නන්න එක්කලා යන්න ඕනෑ නැහැ.
ඒක වෙන්ටෑ වෙඩි තියලා මරලා දාන්න ඇත්තේ.. කොහොමත් දහස් ගාණක් අපේ වර්ගයාම මරලා දාලා යුද්දෙ දින්නා කියන එක මාකට් කරන එකනේ අද වෙනකන් කරන්නේ.. තිරිසන් සත්තු එක්ක සටන් කරලා දින්නා නම් ඇත්තටම ක්‍රෙඩිට් එකක් දෙන්න විටිනවා.
රෝග තත්ත්වය හඳුනා ගැනීමට සහ එයට ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාවක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම මෙම ගැටුමට මූලික හේතුව බවට පෙනේ.. දැන්වත් විකාර වැඩ නවත්වා පී.සී.ආර්. යන්ත්‍ර ප්‍රමාණවත් පරිදි ගෙන්වා රටේ වර්තමාන ගැටළුවට පිළියමක් යෙදීමට හැකිවේවා...!!!
මේ 08 දෙනාම කොරෝනාවෙන් මිය ගිය අයද?
මේ අය බ්‍රන්ඩික්ස් පොකුරෙද පෑලියගොඩ පොකුරේද? සමාජගත වෙලා නෑ කියන දොස්තර මහත්තයගෙන් අහන්නේ?
බන්ධනාගාරයේ සිටින අයට ආරක්ෂාව දීම රජයේ වගකීමක්. වෙඩි තැබීම, මියයාම බරපතල කාරණාවක්. කවුද මේවාට වගකියන්නේ දෙයියනේ?
2012 හිරකාරයින් මැරුනේ නොවැම්බර් 29ලු, 2020ත් එදාමලු, නේද?
එතකොට මරපු අයත් කොරෝනා රෝගීන් නේද? ලෝකේ කිසිම රටක කරන්නේ නැහැ රෝගීන්ව අමු අමුවේ මරණ සිරිතක්... කොරෝනා පටන් ගද්දීම රත්ගම පොලිසියේ මිනීමරුවන් නිදහස් කරා... මේ අය පුදුම විදිහට මිනිස්සුන්ව මර්ධනය කරන්නේ...