(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර බන්ධනාගාරයේ ඇති වූ වෙඩිතැබීමේ සිදුවීමෙන් බරපතළ තුවාල ලබා රාගම මහ රෝහලට ඇතුළත් කළ රැඳවියන් 61දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව රාගම මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා පැවසීය.
ඊයේ රාත්‍රියේ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳගෙන පළා යාමට රැඳවියන් ගත් උත්සාහයකදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් රැඳවියන් 69 දෙනෙකු තුවාල ලබා ඇති බවත්, එයින් 8 දෙනෙකු මිය ගොස් ඇති බවත් ඒ මහතා කීවේය.
සෙසු රැඳවියන් 61දෙනා කොරෝනා ආසාදිත බැවින් විශේෂ ඒකකයක රඳවා ඇති බවත්, ඔවුන් අතරින් 10දෙනෙකුගේ තත්වය බරපතල බවත්, ඇතැම් රැඳවියන් ශල්‍යකර්මවලට යොමුකරමින් සිටින බවත් ඔහු කීය.
කලහයට මැදිවූ එක් රැඳවියෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වෛද්‍යවරයා සඳහන් කළේය.
තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුද රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව ද ඒ මහතා පැවසීය. මේ හේතුවෙන් රාගම රෝහල ඒ අවට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ආරක්ෂාව දැඩිකර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මේ අතර මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 187දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙනම ප්‍රදේශයක පිහිටි වෙන් කරන ලද විශේෂිත ස්ථානයක් වෙත රැගෙන ආ බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඔවුන් සියලු දෙනාද කොරොනා ආසාදිතයන් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මහර බන්ධනාගාරයේ කලහයට මැදිවූ රැඳවියන් 61 කට කොරෝනා
fairoos Monday, 30 November 2020 01:32 PM
එතකොට මේ අය කොරෝනා ගණනටමද? සර් නම් නියමයි.
senaMonday, 30 November 2020 02:30 PM
කියලා වැඩක් නැහැ.. එතකොට මැරිච්ච කට්ටිය මැරිලා තියෙන්නේ කොරෝනාවලින්. වෙඩි තැබීමෙන් නොවේ.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 30 November 2020 02:32 PM
කොරෝනා හැදුණා මදිවට කාපියව් වෙඩිත්... කිව්වලු...
Nuwan Monday, 30 November 2020 02:45 PM
වැඩ බැහැ කියලා විහිලුවට කිව්ව එක මෙච්චර සීරියස් ගනී කියලා හිතුවේ නැහැ සර්!!
janabala asamagi Tuesday, 01 December 2020 03:07 PM
එකම ආසනයක් නැති වුණු අපිට මෙහෙම වුණේ ඇයි... ?
නන්දසේන Monday, 30 November 2020 03:07 PM
හරි හරි. සර් හදලා තියෙන්නේ කොරෝනා මර්ධනය කරන්න. කවුද කියන්නේ සර් ෆේල් කියලා. සර් උඩින්ම පාස්...
Nisha Monday, 30 November 2020 03:28 PM
මිනිස්සු කොච්චර කිව්වද ගෝඨා ආවොත් මිනී මරනවා කියලා. ඒත් අපි හිතුවේ නැහැ... මේ තරමටම තිරිසන් කියලා. හැම තැනම මර්දනය. දැන්වත් මේ අපරාදකාරයින්ව පන්නන්න ඕනේ.
chandima Monday, 30 November 2020 03:31 PM
ඒකත් හොඳ වැඩක්. දැන් මින් ඉස්සරහට ආයුධ පෙන්නන්න එක්කලා යන්න ඕනෑ නැහැ.
ඉන්දික Monday, 30 November 2020 04:47 PM
ඒක වෙන්ටෑ වෙඩි තියලා මරලා දාන්න ඇත්තේ.. කොහොමත් දහස් ගාණක් අපේ වර්ගයාම මරලා දාලා යුද්දෙ දින්නා කියන එක මාකට් කරන එකනේ අද වෙනකන් කරන්නේ.. තිරිසන් සත්තු එක්ක සටන් කරලා දින්නා නම් ඇත්තටම ක්‍රෙඩිට් එකක් දෙන්න විටිනවා.
Ratne Monday, 30 November 2020 05:08 PM
රෝග තත්ත්වය හඳුනා ගැනීමට සහ එයට ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාවක් ලබාදීමට බලධාරීන් අපොහොසත් වීම මෙම ගැටුමට මූලික හේතුව බවට පෙනේ.. දැන්වත් විකාර වැඩ නවත්වා පී.සී.ආර්. යන්ත්‍ර ප්‍රමාණවත් පරිදි ගෙන්වා රටේ වර්තමාන ගැටළුවට පිළියමක් යෙදීමට හැකිවේවා...!!!
Demuni Uduwara Monday, 30 November 2020 06:00 PM
මේ 08 දෙනාම කොරෝනාවෙන් මිය ගිය අයද?
බණ්ඩාර Monday, 30 November 2020 06:10 PM
මේ අය බ්‍රන්ඩික්ස් පොකුරෙද පෑලියගොඩ පොකුරේද? සමාජගත වෙලා නෑ කියන දොස්තර මහත්තයගෙන් අහන්නේ?
jagath G G G Monday, 30 November 2020 07:55 PM
බන්ධනාගාරයේ සිටින අයට ආරක්ෂාව දීම රජයේ වගකීමක්. වෙඩි තැබීම, මියයාම බරපතල කාරණාවක්. කවුද මේවාට වගකියන්නේ දෙයියනේ?
විජේ Tuesday, 01 December 2020 02:29 AM
2012 හිරකාරයින් මැරුනේ නොවැම්බර් 29ලු, 2020ත් එදාමලු, නේද?
Nisha Tuesday, 01 December 2020 02:30 AM
එතකොට මරපු අයත් කොරෝනා රෝගීන් නේද? ලෝකේ කිසිම රටක කරන්නේ නැහැ රෝගීන්ව අමු අමුවේ මරණ සිරිතක්... කොරෝනා පටන් ගද්දීම රත්ගම පොලිසියේ මිනීමරුවන් නිදහස් කරා... මේ අය පුදුම විදිහට මිනිස්සුන්ව මර්ධනය කරන්නේ...