්‍ර
(ජේ.ඒ.එල් ජයසිංහ, පී.එම්. රාජපක්ෂ සහ චන්දන උඩුවාවල)
මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මතට පල්ලෙකැලේ ප්‍රදේශයේ දී විශාල ගසක් කඩාවැටීමෙන් එහි ගමන් ගත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පැවසීය.
මේ වන විට එහ මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇත.
මාර්ගය මේ ආසන්නයේ පැවති පෙට්ටි කඩයක් මේ අනතුර හේතුවෙන් විනාශයට පත්වී ඇත. අධික වර්ෂාවත් සමග මෙම ගස කඩා වැටී ඇත.
මේ වන විට මහනුවර මහියංගනය කුණ්ඩසාලේ මාර්ගයේ බස් ධාවන කටයුතු විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරීමට කටයුතු ගෙන ඇති බවත් කඩිනමින් ගස ඉවත් කිරීමට පියවර ගන්නා බව පල්ලෙකැලේ පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා මාර්ග දෙපස ප්‍රමාණයෙන් විශාල වන ගස් සිටුවීම නොකළ යුතු දෙයකි. බොහෝ විට රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී ගස්වල ප්‍රමාණය පිළිබඳව අවධානය යොමු නොකිරීම මෙවන් තත්ත්වයන්ට හේතුවකි. රුක් රෝපණය කළ යුත්තේ මාර්ග දෙපස නොව ඒ සදහා උචිත ස්ථාන ආශ්‍රිතවය.