IMG-LOGO

මහමැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනයටත්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි 20 පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙවන දිනයටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම  මේ වන විටත් සිදු කෙරෙමින් පවතී.

මෙම පෙත්සම් හත  බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(19) පෙරවරුවේ 10.00ට දෙවන දිනයේත් ආරම්භ වූයේ 501 ⁣දරණ ශ්‍රේෂ්ඨාධිකරණ අධිකරණ ශාලාවේ  මීටරය දුර පරතරය ඇතිව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විවෘත අධිකරණය හමුවේ අසුන් ගනිමිනි.

මෙම අධිකරණය ශාලාව සාමාන්‍යයෙන් පෙත්සම් විභාගයට නොගන්නා අධිකරණ ශාලාවක් වන අතර එය උපරිමාධිකරණ විනිසුරුවරුන් සහ නීතීඥවරුන් සිය ධුර වල දිවුරුම් දීම සදහා භාවිතා කරන , 700 කට ආසන්න පිරිසකට අසුන් ගැනීමට හැකියාව ඇති උපරිමාධිකරණය සංකීර්ණයේ  පිලිගැනීමේ ශාලාව වේ.

විවෘත අධිකරණ නඩු විභාගයක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, රටේ පවතින දැඩි සෞඛ්‍යාරක්ෂිත පිලිපැදීම් වලට අනුව නඩුව සභාගිවන සියලු පාර්ශවකරුවන් ගේ නීතිඥවරුන් සහ අනෙකුත් නීතීඥවරු සහ සියලු පිරිස් මීටරය පරතරය ඇතිව එම අධිකරණ ශාලාවේ අසුන් ගෙන සිටීම විශේෂත්වයකි .

මෙම පෙත්සම් දෙවන දිනයට අද (19) කැදවූ අවස්ථාවේ පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධයෙන් ඒ මහතාගේ නීතිඥ විරාන් කොරයා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

නීතිඥ විරාන් කොරයා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක නොඉක්මවන කාලසීමාවක් තුළ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට විධිවිධාන සලසා තිබෙන බවයි.

ඒ අනුව ඉකුත් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් මාර්තු මස 2 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ   අනුව මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව ජුනි මස දෙවන දා ට පෙර රැස්කිරීම ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව අත්‍යවශ්‍ය කරුණක් බව ද නීතිඥ කොරයා මහතා පෙන්වා දුන්නේය.



අදහස් (3)

මහමැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනයටත්

banda Tuesday, 19 May 2020 07:50 AM

ඔය බයිලා පෙත්සම් අපිට එපා. පරණ අයව පන්නලා දාන්න අපිට මහ ඡන්දේ ඕන.

:       190       277

kamalTuesday, 19 May 2020 12:26 PM

පාර්ලිමේන්තුව අලුත් උනාට පරණ අයම තමයි ආයෙත් එන්නේ.

:       0       0

අබිලින් සිංඤෝTuesday, 19 May 2020 01:14 PM

බණ්ඩයියා! පරණ අයව පන්නලා පත්කරන්න වෙන්නෙත් ඒ පිරිසෙන් වැඩි දෙනෙකුත් අළුත් මුහුණු කීපයකුත් පමණයි. අවුරුදු 72 ක් ම අපි කළ මෝඩ වැඩ මෙවර නැතිවේවි කියන්නේ කොහොමද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 29 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 617 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 340 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site