(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතා ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවෙන් විසඳුමක් නොදුන්නොත් ජනතාව එකතු වී කවදා හෝ පාර්ලිමේන්තුවට ගිනි තබනු ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.

අද වටේට යකඩ කණු ගහගෙන හමුදාව පොලීසිය දමාගෙන පාර්ලිමේන්තුව රැස්වීමට සිදුවී ඇත්තේ එයින් මහජන හඬ නියෝජනය වන්නේ නැති නිසා බව ද මුජුබුර් රහුමාන්  මහතා සඳහන් කළේය.

"ජනතාව කඩා වදීවි යැයි  බයෙන් රැස්වෙන පාර්ලිමේන්තුවකින් වැඩක් නැහැ.ජනතාව මහපාරේ ඉන්නවා. ජනාධිපතිතුමාට ඔෆිස් එකට යන්න බැහැ.ජනාධිපතිතුමා කොහේ ඉන්නවද කියලා කවුරුත් දන්නේ නැහැ.ඇමති වරුන්ට පාරෙ යන්න බෑ.අගමැතිතුමාට උත්සව වලට යන්න බෑ "යනුවෙන් ද  මුජිබුර් රහුමාන් මහතා සඳහන් කළේය.