
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවක වැටුප වැඩි කරන උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරන බවට ලබන සිකුරාදාට පෙර ප්‍රකාශ නොකළොත් ජනතාව පාර්ලිමේන්තු මැතිවරණයේදී මාලිමාවට සහාය දෙන්නේ කුමටදැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළුතර දී ප්‍රශ්න කළේය.
උපයන විට ගෙවන බද්ද අය කරන සීමාව ලක්ෂ දෙක දක්වා ඉහළ දැමීමට ආණ්ඩුව දුන් පොරොන්දුව ද අමතක නැතැයි කී රනිල් වික්‍රමසිංහ මහතා එක තැනක බදු අඩු කරන විට තව තැනක බදු පනවන්නට සිදුවන බව මොවුන් ජනතාවට ප්‍රකාශ නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළේය.
ලංකාවට ගෙවීමට ඇති විදේශ ණයෙන් සියයට විස්සක් තම රජය විසින් අඩු කර තිබෙන අතර අනුරගේ ආණ්ඩුවේ වැඩ නිසා එම සහනය රටට අහිමි වීමේ අවදානමක් පවතින බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
ගෑස් සිලින්ඩරය යටතේ තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් කළුතර පැවති ජන හමුවට සහභාගී වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි .රට බේරාගන්න පාර්ලිමේන්තු ආවාට අපි මුකුත් කියන්නේ නෑ සීයේ
2048 වෙනකන් අපිට ඉවසන්න කියපු මිනිහට දැන් මාර තදියමක්නේ...
රටට හොඳක් වන සෑම ව්‍යාපෘතියකටම විරුද්ධ වෙලා, රට පුරා වැඩ වර්ජන කරලා නිදහසින් පසු රටට ලොකුම සාපය උනේ අනුර ඇතුලු ජවිපෙ. ඒ බව තවදුරටත් සනාථ කරලා, රටම කාබාසිනියා කරලා ඔය කප්පම් නඩේ පැනලා යයි.
අපේ පඩි අපි බලාගන්නම්. ඔය බටලන්දේ පව් ටික පියවගන්න පන්සල් වත් යන්න පටන් ගන්න. දැන් අපායේ කොඩි පේනවා ඇතිනේ. ගෝනවල සුනිල් බලන් ඉන්නවලු අන්න.
අනේ මැහල්ලා ගෙදරට වෙලා ඉන්න.....ඔයාට බැහැ...
මේක විශාල කරදරයක් උනානේ
මෙච්චර කාලෙකට මේ රටේ පහල වෙච්ච ජරාම නායකයෙක්
රනිල් චුත වේවා
කරුමවලට දිගක්, පළලක් නෑ කියන්නෙ මෙන්න මේවට තමයි. මේකනම් අමුම අමු අකුසළ කරුමයක්...ලොවෙත් නෑ, දෙල්කඳ පොළෙත් නෑ...
මාලිමාව නැතහොත් ජේවීපී එකට ජනතාව චන්දෙ දුන්නෙ පඩි වැඩි කරගන්නවත් බඩු මිල අඩුකරගන්නවත් නෙවේ. කලින් ආන්ඩු එක්ක තිබුන තරහට. ගෑස් මිල වැඩි නොකෙරූ එකෙන් පේන්නෙ චන්දෙන් පස්සෙ කිසිම සහනයක් නොලැබෙන බව .
රටම විකුණලා දාන්න ගිය රනිලා 14 රට යනවලු... මුට අවශ්‍ය ගිනි තියන්න.. රනිල්ගේ පම්පෝරි වලට දැන් රැවටෙන මිනිස්සු නැ... දැන් රනිලෝ උබේ යුගය අවසන්... පෙට්ටටියට කීයක් හරි හොයන් යන තැනකට තට්ටු වෙයින් බන්.... දැන් වත් කාලකණ්ණි දේශපාලනය ඇති අපිට නම්... 2015 මාත් උබට දුන්නා දැන් වැඩක් නෑ... උබේ වාහනේ උබ කිවුව ඩොලර් එක උබ කිවුව කඩා වැටීම එකක් වුනේ නැති එකට නේද බල්ලකේ වගේ දැන් බුර බුර යන්නේ
කිසිම රාජ්‍යය තාන්ත්‍රික භාවයක් නැති පරිනත භාවයක් නැති අනුරල රට ප්‍රපාතයට ගෙනියනව නියතයි. ඩිස්ලයික් දැමීමට පොඩි දරුවන්ට ඕව තේරෙන්නෙ නැහැ.
මෙයාට පිස්සු මේ රජයට එරෙහි නඩු දෙකක් දැමීම මෙයා කියලා නතර කලාලු උදව්වට... එකක් සුලුතරයකින් ඇමැති මණ්ඩලය, දෙක මැතිවරණ දිනය, දෙවැනි එක පරාදයිනේ දැනටමත්... පළමු එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ බව මේ ආණ්ඩු ක්‍රම විශාරදයාට මතක් කරනවා.
ඔයාලාගේ කාලේ ගනිපු ණය ගෙනත් මිනිස්සුන්ට කියලාම රට යන්න... අනික ඔය 20 % අඩු කලේ මොනවා බිල්ලට දීලා ද කියලාත් කියන්න
දැන්නම් මේ අයගේ මුහුණු දකින්නත් අප්පිරියයි.
යෝගා ඔහේ ඉන්නේ දියුණු රටකද? මොවුන් මේ හිටපු අවුරුදු 76ක් අපිව පාගලා විනාශ කරපු කාලකන්නි දියුණු කරපු රටකද? ඔයා පුන්නක්කු කෑවාට අනිත් මිනිස්සු බත් කන්නේ...!
බයිලා ගමුද රීමික්ස් කරලා
රටේ කරුමේ ද මන්දා මුන් තවමත් අතහරින්න කැමති නෑ
මේ යකාට පුදුම තදියමක්නේ තියෙන්නේ කරදර නොකර තොලොංජි වෙලා යන්නකෝ..!.
වසර 47 ක් දේශපාලනේ කරපු පින් ජනපතියා දැන් කට මැත දොඩවනවා. මහ බැන්කු බැඳු හොරා කන්න ඉඩදීපු කෙනෙක් ගැන මොන කතාද?
ශානිට රෑ 10 ට බැනලා එලෙව්වලු නේද මහ ලොකු..?
රාජ්‍ය සේවක වැටුපක් වැඩි කරන්න ජනතාව ඡන්දෙ දෙන්නේ නෑ. රජයේ සේවකයෙක් ජනතාවට සේවය කරන්නේ කොහොමද කියලා හොඳට කල්පනා කරයි මේ වතාවේ ජනතාව...
මේ මනුස්සයාට රට යන්න දෙන්න එපා. මහ බැංකු අධිපති රට ගියා වගේ තියෙයි... එහෙම වුණොත්...