
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
ආපනශාලා සහ සුපිරි හෝටල් වෙත එල හරක් මස් ලෙස හැඟවෙන පරිදි මී ගවයින් ඝාතනය කර එම මස් වෙළඳපොළට යැවීමට සූදානම් කරමින් සිටි පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සඳහන් කරයි.
පොලිස් නිලධාරීන් වැටලීම සිදුකරන අවස්ථාවේ දී මරා දැමීමට රැගෙන විත් තිබූ තවත් මී ගවයකු බේරා ගැනීමට හැකි වී ඇත.
මරා දමා තිබූ මී ගවයින් හිස් කබල් 13 ක් ඇටකටු, කිලෝ ග්‍රෑම් 5000කට අධික බරකින් යුත් මස් තොගයක් සහ මැරීමට උපයෝගී කරගත් උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇත.
පොසොන් පොහෝ දින ගව ඝාතනාගාර වසා ඇති බැවින් එල හරක් මස් යැයි පවසා මී හරක් මස් වෙළඳ පොළට යැවීමේ සූදානමක් පවතින බවට පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් අනුව සහකාර පොලිස් අධිකාරී රෝහන් ඕලුගල මහතාගේ උපදෙස් මත මහාබාගේ උතුර ප්‍රදේශයේ පිහිටි මෙම ගව ඝාතනාගාරය වැටලූ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd