(ඩයනා උදයංගනී)
විශ්ව විද්‍යාල සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය ලබාදීම සඳහා අවශ්‍ය අරමුදල් සපයාගැනීම වෙනුවෙන් ණය මුදලක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මහපොළ ශිෂ්‍යාධාර ගෙවීමට අවශ්‍ය මුදලින් සියයට 51ක් ලැබෙන්නේ මහපොළ ශිෂ්‍යත්ව අරමුදලින් වන අතර ඉතිරි සියයට 49 ලබාදෙන්නේ මහා භාණ්ඩාගාරයෙන් බවත්, පසුගිය මාස තුනක කාලයේදී ලොතරැයි නොතිබූ නිසා මහපොළ අරමුදලට එම ආදායම නොලැබුණු බවත් ඇමතිවරයා සඳහන් කළේය.
එබැවින් ණයක් ලබාගෙන හෝ මහපොළ ශිෂ්‍යත්ව මුදල් අඛණ්ඩව ගෙවීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීවේය.
ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
මාසිකව විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් 60,000කට මසකට 5000 බැගින් මහපොළ ශිෂ්‍යාධාරය හිමිවන බව කී ඇමතිවරයා ඒ වෙනුවෙන් මසකට රුපියල් මිලියන 160ක් වැය වන බව ද පැවසීය.
එම සිසුන්ට මේ වන විට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුවන බැවින් ඔවුන්ට පරිගණක ලබාගැනීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබාදීමටත් සාකච්ඡා කරගෙන යන බව ද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය ලලිත් ඇතුලත්මුදලි මැතිතුමන්ගේ උතුම් සංකල්පයකට අනුව ක්‍රියාත්මක කළ හොඳ වැඩපිළිවෙලක් වුවත්, මේ වනවිට මෙයත් ජාතික ව්‍යවසනයක් දක්වා දුරගොස් ඇති ප්‍රධාන ජාතික ගැටළුවක් බවට පත්ව ඇත. සියල්ල පිනට ලැබෙන ක්‍රමවේදය තුළ උසස් අධ්‍යාපනයේ නියැලෙන සිසුන් ප්‍රායෝගික ජීවිතයකට හුරු නොවී, පිංගුත්තර උපාධිකාරයින් ලෙස සමාජ ගතවීමට පටන්ගෙන ඇත. රැකියාවක් ලැබුණත්, සේවයක් නොකරම, පින් පඩියක් අතට ගැනීමට පුරුදුවී ඇත. සෙල්ලම් දමමින් නිසි අධ්‍යාපනයකින් තොරවම උපාධිය සම්පූර්ණ කරගෙන සිටින මොවුන්, තුළ කිසිඳු මානුෂීය ගුණාංගයන් නොතිබෙන බව අමුතුවෙන් කිව යුතු කරුණක් නොවේ. ලොව ධනවත් රටවල පාට්ටයිම් රැකියාවල නිරත වෙමින් උසස් අධ්‍යාපනය හදාරන සිසුන් ලබන පන්නරය අපේ මේ පිංගුත්තර උපාධි කාරයින්ට නැත. ශිෂ්‍ය පින් පඩි නවතා දැමීමට සුදුසු කාලයයි මේ...
මහපොළ ගෙවන්න සල්ලි ණයට ගන්නත් මැතිවරණ පවත්වන්න ඇති තරම් සල්ලි වියදම් කරන්නත් හැකි අරුම පුදුම ආශ්චර්යජනක ශ්‍රී ලංකාවේ ආර්ථිකේ....
බන්දුල ගුණවර්ධන වර්ගයේ විහිළුවක්. මහපොළ ශිෂ්‍යත්වය වෙනුවෙන් රුපියල් මිලියන් 160xඉතුරු මාස 6 = මිලියන් 960 ගෙවන්න සල්ලි ණයට ගන්න ඕනෙලු. එතකොට මැතිවරණ කොමිසමට ගෙවන මිලියන් 7000 හොයා ගන්න ණය ගත්තේ කාගෙන්ද? එතැනින්ම මහපොළ ශිෂ්‍යත්වය ගෙවන්නත් ණයක් ගන්න පුළුවන් වෙයි මම හිතන්නේ. එතකොට අලුතින් පත්වීම් දුන්නු ළමයි 50,000ට පඩි ගෙවන්න සල්ලි කෝ?
ලැජ්ජා නැති ආණ්ඩුවක්...
මහපොළ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමන්ගේ උතුම් සංකල්පයක් අනුව ක්‍රියාත්මක කළ හොඳ වැඩපිළිවෙලක්. මහපොළ ශිෂ්‍යාධාර ගෙවන්නේ මහපොල අරමුදලේ පොලියෙන්... එජාප ආණ්ඩු කරන කාලේ අරමුදල විශාල ලෙස වැඩි කළා.. පොලිය වැඩි වුණා, වැඩි පිරිසකට ගෙවන්නත්, ශිෂ්‍යාධාර මුදල වැඩි කරන්නත් පුලුවන් වුණා. පසුව ආපු කිසිම රජයක් අරමුදල හරියට කලමනාකරණය කළේ නැහැ. හරියට කලමනාකරණය කළානම් අවුරුදු 38කට පස්සේ සියයට 49 මහා භාණ්ඩාගාරයෙන් ගන්න ඕනෑවෙන්නේ නැහැ... මොකද පස්සෙ ආපු පාලකයින්ට සංකල්ප නැහැ. දැන් ඉන්න පාලකයින් හිතන්නේ කුට්ටි හම්බවෙන වැඩ විතරයි. හරිම කණගාටුවක් දැනෙන්නේ... මම අද ඉන්න තැනට එන්න මහපොල සෑහෙන පිටුවහලක් වුණා...
ණයට අරන් පිනට දීම... ඔය පිනට දීපු ඒවා ආපහු රැකියාවක් කරනකොට එය කරගන්න.. ණයට අරන් පිනට දීලා ගෙවන්න වෙන්නේ පොඩි මිනිහට...
මහපොල අරමුදලට සල්ලි එන්නෙ ලොතරැයි මණ්ඩලෙනුයි මහපොල අරමුදලෙ ආයෝජන වලිනුයි. බිලියන 10 කට වඩා ආයෝජන තියෙනවා කියලා වාර්තාවක දැක්කා. වාර්ශික ආදායම මිලියන 800ක්. ඉතින් කොහොමද සල්ලි නැති වෙන්නෙ?