(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ශිෂ්‍යත්ව මුදල් මාස කීපයකින් ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් ඔවුන් දැඩි අපහසුතාවට පත්ව සිටිති.
විශ්වවිද්‍යාල රැසක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මහපොළ ශිෂ්‍යත්ව මුදල ලැබී නොමැති බවත් මෙම වසරේ අධ්‍යාපනය අවසන් කරන කණ්ඩායම්වල වාරික 10 කට වැඩි සංඛ්‍යාවක හිඟයක් පවතින බවත් දැනගන්නට තිබේ.
පෞද්ගලික නේවාසිකාගාරවල නවාතැන් ගෙන අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙම තත්වය හමුවේ දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ඇතැම්හූ දිනකට එක වේලක් පමණක් ලබාගෙන අධයාපන කටයුතු කරන බවත් වැඩි දුරටත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව තියන්න ඕනේ නිදහස් උත්සව වැනි වැඩකට නැති දේවල්
මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය නිර්මාණය කරේ ලලිත් ඇතුලත්මුදලි මහතා. එතුමා සිය ජීවිත අත්දැකීමක් නිසා අනිත් දරුවන්ට පිහිට වීමට තම පුද්ගලික ධනයෙන් පටන්ගන්න ගිය ශිෂ්‍යාධාර සංකල්පයේ මුදුන් මල්කඩ තමයි මහපොළ. නමුත් පේරාදෙණි සරසවියේ ගොඩනැගිල්ලක් එතුමා නමින් නම් කරන්න ගියාම අපේ ශිෂ්‍ය පරපුර ඒකට විරුද්ධ වෙලා තමයි කලගුණ සැලකුවේ. දැන් ආයිමත් ඒ සල්ලි ඕන වෙලා.
නිදහස් සැමරුවේ අපේ එකාලා එහෙමයි
මහපොල අරමුදලෙන් වියදම් කරල කුරුනෑගල පැත්තෙ ඉඩමක් ගත්ත මතකයි.. දැන් ලමයින්ට ශිශ්යත්ව දෙන්න සල්ලි නැත් නම්. . බන්දුල ගොබ්බයගෙන් අහන්න මහපොල සල්ලි පිල්ලි ගැහුවෙ මොන කොලෙන් වහලද කියලා..
මහපොළ කියන්නේ ශිෂ්‍යත්ව ක්‍රමයක් මිසක් අයිතිවාසිකමක් නොවේ. ඒක හැමෝටම ලැබෙන දෙයකුත් නොවේ.
අර මහ ඇදුරන්ට කියන්ට කෙඳිරි නොගා බදු ගෙවන්ට කියලා. නිදහස් අධ්‍යාපනය, සෞඛ්ය, පොහොර සහනාධාර, මහ පොළ නොමිලේ ලැබෙන දේවල් නොවේ.
ගමේ අහිංසක අම්මා තාත්තා මහන්සි වෙලා දරුවනට උගන්වලා විශ්වවිද්‍යාල වලට එවනවා.එහෙව් දරුවන් විශ්වවිද්‍යාල තුළදී දේශපාලන පක්ෂ වල අතකොළු බවට පත්ව නිදහස් අධ්‍යාපනය කියන ලේබලය ඉස්සරහට දාගෙන අධ්‍යාපන කටයුතු අඩාල කරගෙන උද්ඝෝෂණ..හැබැයි මහපොළ ශිෂ්‍යත්ව ඕනේ මොන දේ නැතත්